Sunday, April 20, 2025
Home » මහ ඡන්දය ගැන නීතිපතිට වාර්තාවක්

මහ ඡන්දය ගැන නීතිපතිට වාර්තාවක්

by chanaka
October 31, 2024 11:02 am 0 comment

පාර්ලිමේන්තු මැතිවරණයේ දිනය සහ එම මැතිවරණයට අදාළව මෙතෙක් කර ඇති සියලු කටයුතු සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් මැතිවරණ කොමිෂන් සභාව නීතිපතිවරයාට භාරදී තිබේ.

පාර්ලිමේන්තු මැතිවරණ දිනය සම්බන්ධයෙන් නිරීක්ෂණ වාර්තා ලබාදෙන්නැයි නීතිපති දෙපාර්තමේන්තුව මැතිවරණ කොමිෂන් සභාවට පසුගියදා දැනුම් දුන්නේය.

කොමිසම මෙම විස්තර වාර්තාව නීතිපතිවරයාට භාරදී ඇත්තේ ඒ අනුවය.

මැතිවරණ කොමිෂන් සභාව ලබාදුන් වාර්තාව පදනම් කරගෙන ලබන හතරවැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දැක්වීමට නීතිපති දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වේ.

පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් මස 14 වැනිදා පැවැත්වීමට ගෙන තිබෙන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවට තීන්දුවක් දෙන්නයි ඉල්ලා සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබීය.

මහ මැතිවරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කළ ගැසට් නිවේදනය නීතියට සම්පූර්ණයෙන්ම පටහැනි බවද එම පෙත්සමේ සඳහන්ව තිබුණි.

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT