Home » මෙරට බන්ධ­නා­ගා­ර­ග­තව සිටි ඇෆ්ගන් ජාති­ක­ය­කුගේ වැඩක්
ආරු­ගම්බේ ප්‍රහාර සැල­සුම

මෙරට බන්ධ­නා­ගා­ර­ග­තව සිටි ඇෆ්ගන් ජාති­ක­ය­කුගේ වැඩක්

by Gayan Abeykoon
October 31, 2024 1:12 am 0 comment

ගයාන් කුමාර වීර­සිංහ

ආරු­ගම්බේ ප්‍රදේ­ශ­යේදී ඊශ්‍රා­යල් ජාති­ක­යන් ඉලක්ක කර­ගෙන ප්‍රහා­ර­යක් එල්ල කිරීමේ සැල­සුම ගැන කෙ‍ෙරන විම­ර්ශ­න­ව­ලින් පෙනී ගොස් ඇත්තේ මහා පරි­මා­ණයේ මත්කුඩු ජාවා­රම සම්බ­න්ධ­යෙන් මෙර­ටදී අත්අ­ඩං­ගු­වට ගෙන බන්ධ­නා­ගා­ර­ග­තව සිටි ඇෆ්ග­නි­ස්තාන් ජාති­ක­යකු විසින් සියල්ල මෙහෙ­යවා ඇති බවය.

ත්‍රස්ත මර්දන හා විම­ර්ශන කොට්ඨා­සය මඟින් මේ වන විට ඒ සම්බ­න්ධ­යෙන් කෙරෙන විම­ර්ශ­න­යන්ට අදා­ළව සැක­ක­රු­වන් හය­දෙ­නකු අත්අ­ඩං­ගු­වට ගෙන ඇතැයි පොලිස් තොර­තුරු සඳ­හන් කළේය.

ඒ අතර මාල­දි­ව­යින් ජාති­ක­යකු සහ මාල­දි­ව­යින් සම්බ­ව­යක් ඇති අයකු ද සිටී. මාල­දි­ව­යින් සම්බ­ව­යක් ඇති පුද්ග­ල­යාගේ පියා මාල­දි­ව­යින් ජාති­ක­යකු වන අතර මව ශ්‍රී ලංකික කාන්තා­වකි.

බිලාල් නමැති මාල­දි­ව­යින් සම්බ­ව­යක් ඇති එම පුද්ග­ල­යාට ඇෆ්ගන් ජාති­කයා මෙයට මාස දෙක­කට පමණ පෙරදී විදේ­ශ­යක සිට දුර­ක­තන ඇම­තු­මක් ලබා­දෙ­මින් පවසා ඇත්තේ ඊශ්‍රා­යල් ජාති­ක­යන් ඉල­ක්කර ප්‍රහා­ර­යක් එල්ල කිරී­මට හැකි නම් අමෙ­රි­කානු ඩොලර් ලක්ෂ­යක මුද­ලක් ලබා­දිය හැකි බවය. එම දුර­ක­තන ඇම­තුම ලැබෙන විට බිලාල් සිට ඇත්තේ යැයි පැව­සෙන්නේ කොළ­ඹින් බැහැර ප්‍රදේ­ශ­යක සංචා­ර­යක නිරත වෙමිනි. ඊශ්‍රා­යල් ජාති­ක­යන් බහුල වශ­යෙන් ගැව­සෙන ආරු­ගම්බේ ප්‍රදේ­ශ­යේදී ඊශ්‍රා­යල් ජාති­ක­යන් කිහි­ප­දෙ­න­කුට පිහි­ය­කින් ඇන හෝ අන­තු­රක් කරන ලෙස ද එහිදී බිලාල් නමැති අයට දැනුම්දී ඇති බව ද විම­ර්ශ­න­ව­ලින් හෙළිවී ඇත.

ඇෆ්ග­නි­ස්තාන් ජාති­කයා සහ බිලාල් නමැති මාල­දි­ව­යින් සම්බ­ව­යක් ඇති පුද්ග­ලයා දැන හඳු­නා­ගෙන ඇත්තේ බන්ධ­නා­ගා­ර­ග­තව සිටි­ය­දීය. බිලාල් නමැති අය ද මත්කුඩු ජාවා­ර­මක් සම්බ­න්ධ­යෙන් බන්ධ­නා­ගා­ර­ග­තව සිටි අයකු බව විම­ර්ශ­න­ව­ලින් අනා­ව­ර­ණය වී තිබේ.

ඊශ්‍රා­යල් ජාති­ක­යන් ඉලක්ක කර­ගෙන මෙර­ටදී ප්‍රහා­ර­යක් එල්ල කිරීමේ සූදා­න­මක් ගැන මෙන්ම බිලාල් සම්බ­න්ධ­යෙන් තොර­තුරු විදේ­ශීය බුද්ධි අංශ­යක් මඟින් මෙර­ටට ලැබී ඇත්තේ ද එම වක­වා­නු­වේ­දී­මය. තහ­වුරු නොවූ තොර­තු­රක් ලෙස ලද එම තොර­තුර තහ­වුරු වූ තොර­තු­රක් ලෙස නැවත ලැබී ඇත්තේ ඔක්තෝ­බර් 07 වැනි­දාය.

මේ සම්බ­න්ධ­යෙන් ලද විදෙස් බුද්ධි තොර­තු­රට අනුව විම­ර්ශන පවත්වා ත්‍රස්ත මර්දන හා විම­ර්ශන අංශ­යත් මෙරට බුද්ධි අංශත් බිලාල් කවු­රු­න්දැයි හඳු­නා­ගෙන ඇත්තේ දුර­ක­තන දත්ත විශ්ලේ­ෂණ ඇතුළු තාක්ෂ­ණික විම­ර්ශන වලද සහාය ඇති­වය.

දෙහි­වල කවු­ඩානේ තට්ටු නිවාස සංකී­ර්ණ­යක පිහිටි නිවෙ­සක පදිං­චිව සිටි­යදී ඔහුව අත්අ­ඩං­ගු­වට ගැනී­මට ද ත්‍රස්ත මර්දන හා විම­ර්ශන කොට්ඨා­සය සමත්ව ඇත. දෙහි­වල නිවෙසේ පදිං­චි­යට පැමි­ණී­මට පෙර ඔහු සිය මව සමඟ පදිං­චිව සිට ඇත්තේ වැල්ල­වත්ත මල්ලිකා පටු­මඟේ නිවෙ­ස­කය. දැන් එම නිවෙසේ සිටින්නේ බිලාල්ගේ මවගේ සහෝ­ද­රි­යන් දෙදෙ­නාය. බිලාල්ගේ පියා මාල­දි­ව­යිනේ රැඳී සිටින බව සඳ­හන්ය.

පොලිස් තොර­තුරු සඳ­හන් කරන ආකා­ර­යට අනුව විදෙස් බුද්ධි තොර­තු­රට අනුව මුලින්ම හඳු­නා­ගෙන අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ බිලාල්ය. ඔහු­ගෙන් කළ ප්‍රශ්න කිරී­මේදී ඇෆ්ග­නි­ස්තාන් ජාති­කයා ගැනත් ඔහු තමාට දුර­ක­තන ඇම­තු­මක් දෙමින් ඊශ්‍රා­යල් ජාති­ක­යන්ට ප්‍රහා­ර­යක් එල්ල කිරී­මට කථා කළ බවත් පවසා ඇතැයි පොලිස් තොර­තුරු සඳ­හන් කළේය. තමාට එවැනි ප්‍රහා­ර­යක් එල්ල කිරී­මට කිසිදු උව­ම­නා­වක් නොති­බු­ණත් ඇෆ්ග­නි­ස්තාන් ජාති­ක­යා­ගෙන් මුද­ලක් ලබා ගැනීමේ අව­ශ්‍ය­තාව මත අමෙ­රි­කානු ඩොලර් 25,000ක අත්ති­කා­ර­මක් ඉල්ලූ බවත් සැක­කරු පවසා ඇතැයි ද පොලිස් තොර­තුරු සඳ­හන් කළේය.

ත්‍රස්ත මර්දන හා විම­ර්ශන කොට්ඨා­සයේ නිල­ධා­රීන් ඔහු­ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් හමුවේ සහ මේ සම්බ­න්ධ­යෙන් ඔහු කතා­බහ කර ඇති පුද්ග­ල­යන් හඳුනා ගනි­මින් සෙසු අය අත්අ­ඩං­ගු­වට ගැනීම් සිදු කර තිබේ. ඒ අතර 2006 වස­රේදී පාකි­ස්තානු මහ­කො­ම­සා­රි­ස්ව­රයා ගමන් කළ වාහන පෙළට කොල්ලු­පි­ටි­යේදී බෝම්බ ප්‍රහා­ර­යක් එල්ල කිරීම සම්බ­න්ධ­යෙන් අත්අ­ඩං­ගු­වට ගෙන වසර 15ක පමණ කාල­යක් බන්ධ­නා­ගා­ර­ග­තව සිට 2023 වසරේ නොවැ­ම්බර් මාස­යේදී අධි­ක­ර­ණ­යෙන් නිද­හස ලැබූ ස්ටාර් නමැති අය ද සිටියි. යාප­නය චුන්නා­කම් වැසි­යකු වන ආර­ක්ෂක අංශ­වල ඇතැම් සාමා­ජි­ක­යන්ගේ තොර­තු­රු­ක­රු­වකු ලෙස ද කට­යුතු කර ඇති අයකු බව සඳ­හන්ය.

බන්ධ­නා­ගා­ර­ග­තව සිටි­යදී බිලාල් සමඟ හිත­ව­ත්කම් ගොඩ­න­ඟා­ගෙන සිටි රාජ­ගි­රියේ පදිංචි පුද්ග­ල­යකු ද මේ සම්බ­න්ධ­යෙන් අත්අ­ඩං­ගු­වට ගෙන ඇති අය අතර සිටියි. බිලාල් නමැති අය තමාට ලද කොන්ත්‍රා­ත්තුව ගැන ඔහු සමඟ කතා­බහ කර ඇති බවත් එවැනි දේවල් කර අමා­රුවේ නොවැ­ටෙන ලෙස ඔහු විසින් බිලාල්ට අව­වාද කර ඇති බවත් සඳ­හන්ය. ඒ හැරුණු කොට බිලාල් ඉතා කිට්ටු­වෙන් ඇසුරු කළ මාල­දි­ව­යින් ජාති­ක­යාගේ මිතු­රකු ද අත්අ­ඩං­ගු­වට ගත් අය අතර සිටියි. රෂිඩ් නමැති එම මාල­දි­ව­යින් ජාති­කයා ද මේ ගැන තොර­තුරු දැන සිට ඇති බව අනා­ව­ර­ණය වීම හේතු­වෙන් අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. ඔහුව අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ බිලාල් අත්අ­ඩං­ගු­වට ගත් නිවාස සංකී­ර්ණ­යේදී බව පොලිස් තොර­තුරු සඳ­හන් කළේය. පසු­ගිය දෙසැ­ම්බර් මාස­යේදී මාල­දි­ව­යින් ජාති­කයා සිය බිරිය සමඟ මෙර­ටට පැමිණ ඇත. එම නිවාස සංකී­ර්ණයේ නිවෙ­සක ඔහු බිරිය සමඟ කුලි­යට රැඳී සිට ඇති බව විම­ර්ශ­න­ව­ලින් පෙනී ගොස් ඇත.

මෙතෙක් කර ඇති විම­ර්ශ­න­ව­ලින් පෙනී ගොස් ඇත්තේ ඊශ්‍රා­යල් ජාති­ක­යන්ට ප්‍රහා­ර­යක් එල්ල කිරී­මට ඇෆ්ග­නි­ස්තාන් ජාති­ක­ය­කුගේ යෝජ­නා­වක් පම­ණක් ඉදි­රි­පත් වී ඇති­මුත් මෙර­ටින් අත්අ­ඩං­ගු­වට ගත් කිසිදු සැක­ක­රු­වකු ඒ සඳහා සූදා­න­ම­කින් සිට නැති බවය. එබැ­වින් මේ සම්බ­න්ධ­යෙන් විම­ර්ශන නිල­ධා­රීන්ට සැක­යක් පවා මේ වන විට ඇති වී තිබේ. එහෙත් මේ ගැන තව­දු­ර­ටත් විම­ර්ශ­නය කළ යුතුව ඇති බැවින් රඳවා ගැනීමේ නියෝ­ග­ය­කින් සැක­ක­රු­වන් රඳ­වා­ගෙන විම­ර්ශන පැවැ­ත්වෙන බව උසස් පොලිස් නිල­ධා­රි­යෙක් පැව­සීය.

ඇෆ්ග­නි­ස්තාන් ජාති­කයා හඳු­නා­ගෙන ඇති බැවින් ජාත්‍ය­න්තර පොලි­සි­යේත් විදෙස් බුද්ධි අංශ­ව­ලත් සහාය ඇතිව ඔහු සම්බ­න්ධ­යෙන් වූ විම­ර්ශ­න­යක් ද මේ වන විට සිදු­වෙ­මින් ඇතැයි ද එම නිල­ධා­රියා සඳ­හන් කළේය.

”මේ තොර­තුර ලැබුණු හැටි­යෙම අපිත් බය වුණා. මේකත් හරි­යට 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­රය වගේ වැඩක් ද කියලා. ඒ නිසා දිවා රෑ නොබලා ලොකු වෙහෙක් ගත්තා මෙහි අග මුල සොයා ගන්න. දැන් අපට යම් සැක­යක් මතු වෙලා තියෙ­නවා මේ ගැන. අපි තව­දු­ර­ටත් ඒ නිසා මේ සිදු­වීම ගැන අව­ධා­න­යෙන් ඉන්නේ” යැයි එම නිල­ධා­රියා වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT