Wednesday, April 9, 2025
Home » යාප­නයේ ජෝඩුවකට ගල් ගසා මරා දමලා

යාප­නයේ ජෝඩුවකට ගල් ගසා මරා දමලා

by Gayan Abeykoon
October 31, 2024 1:04 am 0 comment

උතුරු පළාත් විශේෂ - රසුල දිල්හාර ගමගේ

යාප­නයේ පේදු­රු­තු­ඩුව කර්කෝ­ල­වම් පුනි­ත­න­ගර් ප්‍රදේ­ශයේ නිවෙ­සක සිටි අඹු­සැමි යුව­ළක් ගල් ගසා මරා දමා ඇතැයි පේදු­රු­තු­ඩුව පොලි­සිය සඳ­හන් කළේය.

එසේ ඝාත­නය කළ අඹු­සැමි යුවළ සිරුරු සොයා­ගෙන ඇත්තේ ඊයේ (30) දින­යේ­දීය. මිය­ගිය අඹු­සැ­මි­යන්ගේ හිසට හා ශරී­රයේ බොහෝ ස්ථාන­ව­ලට විශාල ප්‍රමා­ණයේ කොන්ක්‍රීට් ගල් වැදී ඇති බව ද පොලි­සිය සඳ­හන් කරයි.

මෙසේ මිය­ගොස් ඇත්තේ 53 හැවි­රිදි මානි­ක්කම් සුබ්‍ර­ම­නි­යම් සහ 54 හැවි­රිදි මේරි නමැති අඹු­සැමි යුව­ළයි. මර­ණ­කරු කොන්ත්‍රාත් පද­නම මත පේදු­රු­තු­ඩුව රෝහලේ කිලිටි රෙදි සේදීම වෘත්තිය වශ­යෙන් කර­ගෙන ගොස් ඇති අයෙකි.

සේව­යට නොපැ­මි­ණීම නිසා රෝහ­ලෙන් ඔහුට දුර­ක­තන ඇම­තුම් ලබා දී ඇති බවත් පසුව රෝහලේ සේව­ක­යකු එම නි‍ෙව­සට ගොස් සොයා බැලී­මේදී ගල්ගසා මරා දමා සිටි ඔවුන්ගේ සිරුරු හමුවී ඇති බවත් පොලි­සිය සඳ­හන් කරයි.

කොන්ක්‍රීට් ගල්ව­ලින් හිසට තද බල ලෙස පහර දීම නිසා ඇති වූ බර­ප­තළ තුවා­ල­ව­ලින් අධික ලෙස රුධි­රය වහ­නය වීම නිසා අඹු­සැමි යුවළ එම ස්ථාන­යේ­දීම මිය­ගොස් සිටි බවද පේදු­රු­තු­ඩුව පොලි­සිය ප්‍රකාශ කළේය.

පේදු­රු­තු­ඩුව මහේ­ස්ත්‍රා­ත්ව­රයා සිද්ධිය වූ ස්ථාන­යට ඊයේ (30) පැමිණි අතර, ස්ථානීය පරී­ක්ෂ­ණය පවත්වා මළ සිරුරු යාප­නය ශික්ෂණ රෝහ­ලට රැගෙන ගොස් අධි­ක­රණ වෛද්‍ය නිල­ධා­රී­ව­රයා ලවා පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය පැවැ­ත්වී­මට පොලි­සි­යට නියෝග කර ඇත. එමෙන්ම මෙම සිද්ධි­යට සම්බන්ධ සැක­ක­රු­වන් වහාම අත්අ­ඩං­ගු­වට ගන්නා ලෙසද පොලි­සි­යට නියෝග කළේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT