Home » මනා­ලි­යන්ගේ මහ­ගෙ­දර රුපි­යල් කෝටි­ය­කට විද්ද ගිණුම් ලිපි­කා­රි­නි­යට ඇප

මනා­ලි­යන්ගේ මහ­ගෙ­දර රුපි­යල් කෝටි­ය­කට විද්ද ගිණුම් ලිපි­කා­රි­නි­යට ඇප

by Gayan Abeykoon
October 31, 2024 1:00 am 0 comment

චන්දන ජය­වීර

ප්‍රකට රූප­ලා­වණ්‍ය ශිල්පි­නි­ය­කට අයත් බොරැල්ලේ පිහිටි ‘මනා­ලි­යන්ගේ මහ­ගෙ­දර’ නමැති රූප­ලා­ව­ණ්‍යා­ගා­ර­යෙන් රුපි­යල් ලක්ෂ 104කට වැඩි මුද­ලක් සොර­කම් කළ එහි ගිණුම් ලිපි­කා­රි­නිය කොළඹ කොළඹ මහා­ධි­ක­රණ විනි­සුරු ප්‍රදීප් අබේ­රත්න මහතා ඊයේ (30) රුපි­යල් ලක්ෂ 10ක පෞද්ග­ලික ඇප­යක් මත මුදා­හැ­රී­මට නියම කළේය.

කොළඹ මහා­ධි­ක­රණ විනි­සුරු ඉදි­රියේ පැමි­ණිල්ල කැඳවූ අව­ස්ථාවේ අධි­චෝ­දනා පත්‍රය කියවා පහදා දෙන ලදි. එහිදී විත්ති­කා­රිය තමාට එරෙ­හිව ඉදි­රි­පත්ව ඇති සියලු චෝද­නා­ව­ව­ලට නිවැ­රැ­දි­කා­රිය බව පැව­සු­වාය. 2015 ජන­වාරි 28 දා සහ ජූනි 20 දා අතර කාලය තුළදී ප්‍රකට රූප­ලා­වණ්‍ය ශිල්පි­නි­යක වන චම්පිකා සිරි­ව­ර්ධන මහ­ත්මි­යට අයත් බොරැල්ලේ පිහිටි ‘මනා­ලි­යන්ගේ මහ­ගෙ­දර’ රූප­ලා­වණ්‍ය ආය­ත­නයේ ගිණුම් ලිපි­කා­රි­නිය ලෙස කට­යුතු කර­මින් රුපි­යල් 104,59,360ක මුද­ලක් සාව­ද්‍යය පරි­හ­ර­ණය කිරීමේ චෝද­නාව යටතේ නඩුව ගොනු කර තිබේ. නීති­ප­ති­ව­රයා විසින් විත්ති­කා­රි­යට එරෙ­හිව දණ්ඩ නීති සංග්‍ර­හයේ 39 වැනි වග­න්තිය යටතේ නඩු පවරා ඇත. ජන­වාරි 20දා නඩුව යළි කැඳවේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT