ප්‍රකට රූපලාවණ්‍ය ශිල්පිනියකට අයත් බොරැල්ලේ පිහිටි ‘මනාලියන්ගේ මහගෙදර’ නමැති රූපලාවණ්‍යාගාරයෙන් රුපියල් ලක්ෂ 104කට වැඩි මුදලක් සොරකම් කළ එහි ගිණුම් ලිපිකාරිනිය කොළඹ කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා ඊයේ (30) රුපියල් ලක්ෂ 10ක පෞද්ගලික ඇපයක් මත මුදාහැරීමට නියම කළේය.
කොළඹ මහාධිකරණ විනිසුරු ඉදිරියේ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේ අධිචෝදනා පත්‍රය කියවා පහදා දෙන ලදි. එහිදී විත්තිකාරිය තමාට එරෙහිව ඉදිරිපත්ව ඇති සියලු චෝදනාවවලට නිවැරැදිකාරිය බව පැවසුවාය. 2015 ජනවාරි 28 දා සහ ජූනි 20 දා අතර කාලය තුළදී ප්‍රකට රූපලාවණ්‍ය ශිල්පිනියක වන චම්පිකා සිරිවර්ධන මහත්මියට අයත් බොරැල්ලේ පිහිටි ‘මනාලියන්ගේ මහගෙදර’ රූපලාවණ්‍ය ආයතනයේ ගිණුම් ලිපිකාරිනිය ලෙස කටයුතු කරමින් රුපියල් 104,59,360ක මුදලක් සාවද්‍යය පරිහරණය කිරීමේ චෝදනාව යටතේ නඩුව ගොනු කර තිබේ. නීතිපතිවරයා විසින් විත්තිකාරියට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 39 වැනි වගන්තිය යටතේ නඩු පවරා ඇත. ජනවාරි 20දා නඩුව යළි කැඳවේ.