Home » ෆූජි කන්ද වසර 130ක වාර්තාවක් බිඳ දමයි

ෆූජි කන්ද වසර 130ක වාර්තාවක් බිඳ දමයි

by chanaka
October 31, 2024 11:34 am 0 comment

ලෝක ප්‍රසිද්ධ ජපානයේ ෆූජි කන්ද වෙත වසර 130කට පසු හිමපතනයක් සිදු නොවු වසර ලෙස 2024 වාර්තා අතරට එක්ව තිබේ.

සෑම වසරකම ඔක්තෝබර් වන විට ෆූජි කන්ද මතට හිම පතනයන් සිදුවුවද මෙවර වසර 130කට පසු එවැනි හිම පතනයක් සිදු නොවීම විශේෂත්වයකි.

එය වසර 130කට පෙර එහි හිමපතනය ගැන වාර්තා තැබීම ආරම්භ වුණු දා සිට, හිම රහිතව පැවති වසරේ නවතම අවස්ථාව මෙය බව වාර්තා වේ.

ජපානයේ උස ම කන්ද වන මෙහි මුදුන මතට සාමාන්‍යයෙන් ඔක්තෝබර් මස මුල වන විට හිම පතනය ආරම්භ වන නමුත් අසාමාන්‍ය ලෙස උණුසුම් කාලගුණය හේතුවෙන් මේ වසරේ මෙතෙක් හිම පතනයක් වාර්තා වී නොමැත.

2023 වසරේදී කඳු මුදුන මත මුල් වරට හිම දර්ශනය වී ඇත්තේ ඔක්තෝබර් 5 වැනිදා ලෙස සටහන් වන අතර
ජූනි සහ අගෝස්තු මාස අතර ජපානයේ මේ වසරේ වාර්තාගත උණුසුම් ම ගිම්හානය වාර්තා වී තිබේ.

එම කාලයේ උෂ්ණත්වයේ සාමාන්‍ය අගය ඉක්මවා යමින් සෙල්සියස් අංශක 1.76ක් ලෙස උෂ්ණත්ව අගයක් සටහන් ව ඇති බව වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT