Home » පුනර්ජනනීය බලශක්ති භාවිතය ප්‍රවර්ධනයට චීනය පියවර ගනියි

පුනර්ජනනීය බලශක්ති භාවිතය ප්‍රවර්ධනයට චීනය පියවර ගනියි

by chanaka
October 31, 2024 8:09 am 0 comment

හරිත බලශක්ති සංක්‍රාන්තිය තුළ ෆොසිල ඉන්ධන පරිභෝජනය අඩු කිරීමේ උත්සාහයන් මධ්‍යයේ චීනය පුනර්ජනනීය බලශක්ති භාවිතය ඉහළ නැංවීම පිළිබඳ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇත.

ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කමිටුව සහ තවත් රජයේ දෙපාර්තමේන්තු පහක් විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශ, රට තුළ සාම්ප්‍රදායික ඉන්ධන භාවිතය වෙනුවට පුනර්ජනනීය බලශක්තිය සමඟ චීනයේ ඉලක්කය ගෙනහැර දක්වයි.

චීනයේ පුනර්ජනනීය බලශක්ති පරිභෝජනය ලබන වසරේ සම්මත ගල් අඟුරු ටොන් බිලියන 1.1 කට සමාන අගයකට ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන අතර 2030 වසර වන විට සම්මත ගල් අඟුරු ටොන් බිලියන 1.5 ට සමාන අගයක් ඉක්මවා යනු ඇතැයි අදාළ මාර්ගෝපදේශ මාලාවෙහි පෙන්වා දී ඇත.

පුනර්ජනනීය බලශක්ති භාවිතයෙහි සුරක්ෂිත බව හා විශ්වසනීය සැපයුම සහතික කිරීම සඳහා එහි බලශක්ති ධාරිතාව වැඩි දියුණු කිරීම චීනයේඅරමුණයි.

ඒ අනුව කාර්මික ව්‍යවසායන්, ප්‍රවාහනය, ගොඩනැගිලි, කෘෂිකර්මය, ග්‍රාමීය ප්‍රදේශ සහ යටිතල පහසුකම් සඳහා නුදුරේදී චීනය තුළ පුනර්ජනනීය බලශක්තිය වැඩි වශයෙන් භාවිත කරනු ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT