Home » මයික්‍රෝ ඉලෙ­ක්ට්‍රික් ඉන්ට­ර්නැ­ෂ­නල් ප්‍රයි­වෙට් ලිමි­ටඩ් සමා­ග­මට විශි­ෂ්ටතා සම්මාන

මයික්‍රෝ ඉලෙ­ක්ට්‍රික් ඉන්ට­ර්නැ­ෂ­නල් ප්‍රයි­වෙට් ලිමි­ටඩ් සමා­ග­මට විශි­ෂ්ටතා සම්මාන

by Gayan Abeykoon
October 31, 2024 1:05 am 0 comment

ජය­සිරි මුණ­සිංහ
ජාතික සැප­යු­ම්දාම විශි­ෂ්ටතා සම්මාන උලෙ­ළේදී මෙරට කීර්ති­මත් මයික්‍රෝ ඉලෙ­ක්ට්‍රික් ඉන්ට­ර්නැ­ෂ­නල් ප්‍රයි­වට් ලිමි­ටඩ් සමා­ගමේ සභා­ප­ති­ව­රයා ඇතුළු පිරිස සම්මා­නය ලබා­ගත් අව­ස්ථාව.

ශ්‍රී ලංකාවේ සැප­යු­ම්දාම කළ­ම­නා­ක­ර­ණය, නවෝ­ත්පා­ද­නය සහ විශි­ෂ්ට­ත්ව­යට කැපවූ ආය­ත­න­ව­ලින් සුවි­ශේෂ ජය­ග්‍ර­හණ හිමි­ක­ර­ගත් ව්‍යව­සා­යක සමා­ගම් ඇග­යීමේ “ජාතික සැප­යු­ම්දාම විශි­ෂ්ටතා සම්මාන උලෙළේ දී” මයික්‍රෝ ඉලෙ­ක්ට්‍රික් ඉන්ට­ර්නැ­ෂ­නල් ප්‍රයි­වෙට් ලිමි­ටඩ් සමා­ග­මට අති­ගෞ­ර­ව­නීය සම්මා­න­යක් හිමිවී තිබේ. ජාතික සැප­යු­ම්දාම දිනය යෙදුන ඉකුත් 24 වැනිදා කොළඹ ෂැංග්‍රිලා හෝට­ලයේ පැවැති සම්මාන ප්‍රදා­නෝ­ත්ස­ව­යේදී ආය­ත­නයේ සභා­පති ධම්මික සම­ර­වි­ක්‍රම, අධ්‍ය­ක්ෂ­ව­රුන් වන උදාර සම­ර­වි­ක්‍රම සහ ෂෙනාල් සම­ර­වි­ක්‍රම මහ­ත්ව­රුන් වෙත මේ සම්මා­නය පිරි­නැ­මීය. සැප­යු­ම්දාම සහ අමු­ද්‍රව්‍ය කළ­ම­නා­ක­රණ ආය­ත­නය (ISMM) වාර්ෂි­කව සංවි­ධාන කරන මේ ඇග­යීම් උලෙ­ළට වෙළෙඳ, වාණිජ, ආහාර සුර­ක්ෂි­තතා, සමු­ප­කාර සංව­ර්ධන, කර්මාන්ත සහ ව්‍යව­සා­යක සංව­ර්ධන අමා­ත්‍යාං­ශයේ මඟ­පෙ­න්වීම් ලැබී තිබේ.

මෙවර පැවැති සම්මාන ප්‍රදා­නෝ­ත්ස­ව­යට මේ ජාත්‍ය­න්තර සංවි­ධා­නයේ සභා­පති ඉංජි­නේරු ක්‍රිෂ් ඔනාඩා, අමා­ත්‍යාං­ශයේ ලේකම් එම්.එම්. නය­මු­දීන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධි­පති ඒ.ඒ.එම්. තාසිම්, ජාතික ආය­ත­නයේ සභා­පති ජයන්ත ගල­හේවා මහ­ත්ව­රුන් ඇතුළු සම්භා­ව­නීය අමු­ත්තන් විශාල පිරි­සක් සහ­භාගි වූහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT