ශ්‍රී ලංකාවේ සැපයුම්දාම කළමනාකරණය, නවෝත්පාදනය සහ විශිෂ්ටත්වයට කැපවූ ආයතනවලින් සුවිශේෂ ජයග්‍රහණ හිමිකරගත් ව්‍යවසායක සමාගම් ඇගයීමේ “ජාතික සැපයුම්දාම විශිෂ්ටතා සම්මාන උලෙළේ දී” මයික්‍රෝ ඉලෙක්ට්‍රික් ඉන්ටර්නැෂනල් ප්‍රයිවෙට් ලිමිටඩ් සමාගමට අතිගෞරවනීය සම්මානයක් හිමිවී තිබේ. ජාතික සැපයුම්දාම දිනය යෙදුන ඉකුත් 24 වැනිදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවැති සම්මාන ප්රදානෝත්සවයේදී ආයතනයේ සභාපති ධම්මික සමරවික්‍රම, අධ්යක්ෂවරුන් වන උදාර සමරවික්‍රම සහ ෂෙනාල් සමරවික්‍රම මහත්වරුන් වෙත මේ සම්මානය පිරිනැමීය. සැපයුම්දාම සහ අමුද්‍රව්‍ය කළමනාකරණ ආයතනය (ISMM) වාර්ෂිකව සංවිධාන කරන මේ ඇගයීම් උලෙළට වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමුපකාර සංවර්ධන, කර්මාන්ත සහ ව්‍යවසායක සංවර්ධන අමාත්‍යාංශයේ මඟපෙන්වීම් ලැබී තිබේ.
මෙවර පැවැති සම්මාන ප්‍රදානෝත්සවයට මේ ජාත්‍යන්තර සංවිධානයේ සභාපති ඉංජිනේරු ක්‍රිෂ් ඔනාඩා, අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්. නයමුදීන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ඒ.ඒ.එම්. තාසිම්, ජාතික ආයතනයේ සභාපති ජයන්ත ගලහේවා මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් සහභාගි වූහ.