Sunday, April 20, 2025
Home » ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානය අතර සහයෝගීතාවය යළි තහවුරු කිරීමක්

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානය අතර සහයෝගීතාවය යළි තහවුරු කිරීමක්

by chanaka
October 31, 2024 11:48 am 0 comment

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) මෙරට අධ්‍යක්ෂ ජොනී සිම්ප්සන් මහත්මිය සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් ඊයේ (30) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය.

කම්කරු ප්‍රමිතීන්, කාන්තා සවිබල ගැන්වීම සහ සමාජ සංවාද වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානය අතර පවතින සහයෝගීතාවය යළි තහවුරු කිරීමක් මෙම හමුවේදී සිදුවිය.

ILOහි කාර්යයන් සහ අන්‍යෝන්‍ය සම්බන්ධතා පවත්වා ගැනීම උදෙසා, ශ්‍රී ලංකාවේ කම්කරු අමාත්‍යාංශය විසින් ලබාදෙන ලද සහයෝගය සඳහා සිම්සන් මහත්මිය සිය කෘතඥතාව පළ කළාය. අවදානමට ලක්විය හැකි කණ්ඩායම්, විශේෂයෙන්ම කාන්තාවන් ආරක්ෂා කිරීම සඳහා කම්කරු නීති සමාලෝචනය කිරීමේ තීරණාත්මක අවශ්‍යතාවය සහ ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය අවම කරමින් කාන්තාවන් සඳහා ගුණාත්මක රැකියා අවස්ථා නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරිණ.

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා, කම්කරු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් බී. වසන්තන්, එක්සත් ජාතීන්ගේ හා මානව හිමිකම් අධ්‍යක්ෂ දිලිනි ගුණසේකර මෙනවියද මෙම අවස්ථාවට එක්විය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT