Home » පෙම් ආරවුලක් නිසා පෙම්වතා පෙම්වතියට තියුණු ආයුධයකින් පහර දෙයි

පෙම් ආරවුලක් නිසා පෙම්වතා පෙම්වතියට තියුණු ආයුධයකින් පහර දෙයි

by chanaka
October 31, 2024 8:36 am 0 comment

අනුරාධපුර කූම්බිච්චන්කුළම වැව අසලදී තරුණයකු හා තරුණියක අතර ඇති වූ පෙම් ආරවුලක් දුර දිග යෑමෙන් තරුණයා තියුණු ආයුධයකින් තරුණියට පහර දීමේ සිද්දියක් වාර්තා වේ.

තියුණු ආයුධයෙන් පහර කෑමට ලක් වූ තරුණියගේ ශරීරයේ බරපතල තුවාල සිදු වී ඇති අතර, ප්‍රදේශවාසීන් ඇයව කඩිනමින් අනුරාධපුර ශික්ෂණ ⁣රෝහලට ඇතුළත් කර ඇත.

පහර දීම සිදු කළ තරුණයා එම ස්ථානයේ සිටි තරුණයින් විසින් අල්ලා අනුරාධපුර පොලීසියට භාර දීමට කටයුතු කර තිබුණි.

පහර කෑමට ලක් වූ තරුණිය හා තරුණයා එප්පාවල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනුරාධපුර පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසිය වැඩිදුර විමර්ශණ සිදු කරයි.

තිසර සමල් අනුරාධපුර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT