Home » දීපාවලී හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් යළි වැඩ අරඹයි

දීපාවලී හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් යළි වැඩ අරඹයි

by chanaka
October 31, 2024 8:26 am 0 comment

දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (30) පස්වරු 4.30 සිට දියත් කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අදට (31) යෙදී තිබෙන දීපාවලී දිනය වෙනුවෙන් අත්හිටවූ බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති වරුන්ගේ සංගමය සදහන් කරයි.

ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සිය වර්ජනය අවසන් කළ අතර අද දිනයේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම, ආසන වෙන් කිරීම හා පාර්සල් භාර ගැනීම ආදී කටයුතු සාමාන්‍ය ලෙස සිදු වන බව එම සංගමයේ ප්‍රධාන ලේකම් සංජය ජයසුන්දර මහතා පැවසීය.

තම ගැටළු සඳහා නියමිත විසඳුම් ලබා නොදුන්නොත් දීපාවලී උත්සවයෙන් පසුව නැවත සිය වෘත්තීය ක්‍රියාමාර්ගය වෙත යොමු වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT