Sunday, April 20, 2025
Home » වසරේ හොඳම පාපන්දු ක්‍රීඩකයා ක්‍රීඩිකාව ස්පාඤ්ඤයෙන්

වසරේ හොඳම පාපන්දු ක්‍රීඩකයා ක්‍රීඩිකාව ස්පාඤ්ඤයෙන්

by mahesh
October 30, 2024 1:00 am 0 comment

වසරේ හොඳම පාපන්දු ක්‍රීඩකයාට පිරිනැමෙන බලෝන් ඩෝර් (Ballon d’Or) සම්මානය ස්පාඤ්ඤ පාපන්දු කණ්ඩායමේ හා මැන්චෙස්ටර් සිටි පාපන්දු සමාජයේ මැද පෙළ ක්‍රීඩක රොඩ්‍රි පළමු වරට දිනා ගත්තේ ය. වසරේ හොඳම පාපන්දු ක්‍රීඩිකාවට හිමි සම්මානය ස්පාඤ්ඤ ක්‍රීඩිකා අයිටානා බොන්මාටි දිනා ගත්තාය.

28 හැවිරිදි රොඩ්‍රි ජූලි මාසයේදී යූරෝ 2024 තරගාවලියේදී ස්පාඤ්ඤය ජයග්‍රහණය කරා මෙහෙයවීමෙන් පසු පැරිසීයේදී මෙම සම්මානය ප්‍රදානය ඊයේ සිදු කෙරිණි. ඔහු ප්‍රිමියර් ලීග් හා යුරෝපා ලීග් ඇතුළු ශූරතා රැසක් මැන්චෙස්ටර් සිටි ක්‍රීඩා සමාජයට දිනා දීමට මුල් වූවේය.

බාර්සිලෝනා සහ ස්පාඤ්ඤයේ තරුව වූ අයිටානා බොන්මාටි ඇයගේ ක්‍රීඩා සමාජය මහාද්වීපික ශූරතා හතරක් කරා ගෙනයාමෙන් දක්ෂතා දැක්වූවාය. 26 හැවිරිදි ඇය 2018 වසරත් සමඟ මේ සම්මානය දෙවරක් දිනාගත් එකම කාන්තාව වේ.

වසර 2003 සිට අට වරක් මෙම සම්මානය ජයග්‍රහණය කළ 37 හැවිරිදි ලයනල් මෙසී හෝ පස් වරක් ජයග්‍රහණය කළ 39 හැවිරිදි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මෙවර නිර්දේශිත ලැයිස්තුවේ පෙනී නොසිටීම විශේෂත්වයකි.

වසරේ විශිෂ්ටතම ක්‍රීඩා සමාජය සඳහා වන සම්මානය රියල් මැඩ්‍රිඩ් දිනාගත් අතර, එහි කළමනාකරු කාර්ලෝ ඇන්චලොටි පිරිමි කාණ්ඩයේ හොඳම පුහුණුකරුට හිමි සම්මාන දිනාගත් නමුත්, සම්මාන ලබා ගැනීමට ක්‍රීඩා සමාජයේ කිසිවෙකුත් පැමිණ සිටියේ නැත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT