Home » කඩුලු රැකපු වේඩ් පුහුණුකරුවෙක් වෙයි

කඩුලු රැකපු වේඩ් පුහුණුකරුවෙක් වෙයි

by mahesh
October 30, 2024 1:00 am 0 comment

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක මැතිව් වේඩ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ.

ජාත්‍යන්තර පිටියේ ක්‍රිකට් ක්‍රීඩා කිරීම නතර කළ ද පුහුණුකරුවකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කිරීමට සූදානම් බව ද ඔහු පවසයි. ඒ අනුව පාකිස්තාන කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු සංචාරයේදී වේඩ් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පුහුණුකරුවකු ලෙස නව වෘත්තීය දිවිය අරඹනු ඇත. මේ වසරේ පැවති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදි අවසන් වරට ඔස්ට්‍රේලියානු පිල නියෝජනය කළ 36 හැවිරිදි වේඩ් පසුගිය මාර්තු මාසයේදී සීමිත ඕවර තරග බිමෙන් සමුගෙන තිබිණි. කෙසේ වෙතත් ජගත් පිටියට සමුදුන්න ද තවදුරටත් ෆ්‍රැන්චයිස් තරග කිරීමට කිරීමට සූදානම් බව වේඩ් පවසයි. බිග්බෑෂ් ලීග් තරගාවලියේ හෝබාර්ට් හෙරිකන්ස් පිල නියෝජනය කරන වේඩ් ජගත් පිටියේදී ටෙස්ට් තරග 36ක්, එක්දින තරග 97ක් සහ විස්සයි20 තරග 92ක් ක්‍රීඩා කර ඇති අතර එහිදි ටෙස්ට් ශතක 4ක් සහ එක්දින ශතකයක් වාර්තා කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT