Sunday, April 20, 2025
Home » කසිප්පු තිප්පොළ දෙකක් වටලයි

කසිප්පු තිප්පොළ දෙකක් වටලයි

by mahesh
October 30, 2024 1:00 am 0 comment

මීගහතැන්න සමූහ

වැලිපැන්න – මඩවල සහ වැලිපැන්න – ඉඳිගස්තුඩුව ප්‍රදේශවල වගුරු වනාන්තරවල දිගු කාලයක් තිස්සේ පවත්වාගන ගිය කසිප්පු තිප්පොළ දෙකක් පසුගියදා වටලා, පෙරීමේ උපකරණ සමඟ කසිප්පු ලීටර් 1,100ක් සුරාබදු දෙපාර්තමේන්තුවේ මතුගම කාර්යාලයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

මෙම කසිප්පු තිප්පොළ දෙක ඔස්සේ දකුණු පළාතේ ගාල්ල, ඇල්පිටිය, ඌරගහ ප්‍රදේශවලටත්, බස්නාහිර පළාතේ මතුගම, වැලිපැන්න, අලුත්ගම, දර්ගා නගරය ඇතුළු ප්‍රදේශ රැසකටත් කසිප්පු බෙදාහැරීම සිදුකර ඇත. දීපව්‍යාප්ත නීති විරෝධී මත්පැන් මැඬලීමේ විශේෂ වැඩසටහන යටතේ සහකාර සුරාබදු කොමසාරිස් බස්නාහිර පළාත (2) නාලක මලවිපතිරණ මහතා සහ කළුතර සුරාබදු අධිකාරි සුගත් කොළොන්නේ මහතාගේ උපදෙස් පරිදි මතුගම සුරාබදු ස්ථානාධිපති ජගත් සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් සුරාබදු පරීක්ෂක ගයාෂාන්, සුරාබදු සැරයන් රසික, සුරාබදු කෝප්‍රල්වරුන් වන රවිඳු, නිශාන්, සුරාබදු රියැදුරු කසුන් යන නිලධාරි කණ්ඩායම විසින් වගුරු බිමක සිදුකරන ලද අසීරු මෙහෙයුමකින් පසු මෙම කසිප්පු තිප්පොළ දෙක වටලා තිබේ. සැකකරුවන් සහ නීති විරෝධී මත්පැන්, පෙරීමේ උපකරණ සමඟ මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT