Home » ආණ්ඩුව දුන් පොරොන්දු ඉටු වන තෙක් ජනතාව බලා ඉන්නවා

ආණ්ඩුව දුන් පොරොන්දු ඉටු වන තෙක් ජනතාව බලා ඉන්නවා

සමගි ජන සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක එස්.එම්. මරික්කාර්

by mahesh
October 30, 2024 1:00 am 0 comment

රක්ෂණ ශ්‍රියන්ත

ජාතික ජන බලවේගයට ඡන්දය දුන් ජනතාව සහ ඡන්දය නොදුන් ජනතාව ජාතික ජන බලවේගය වේදිකාවල ප්‍රකාශ කළ දේවල් සිදු කරන්නේ කවදා දැයි විමසිල්ලෙන් බලා සිටින බව සමගි ජන සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක එස්.එම්. මරික්කාර් මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව පැවැසුවේ සමගි ජන සන්ධාන ප්‍රධාන කාර්යාලයේ පෙරේදා (28) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගය ප්‍රකාශ කළ දේවල් රටේ සිදු වෙමින් පවතිනවාද කියන ප්‍රශ්නය ජනතාවට තිබෙනවා. රටට ආයෝජන ගෙන ඒමට, නිෂ්පාදන ඇති කිරීමට යම් කාලයක් ගත වෙනවා. නමුත් රට වැටී තිබෙන අගාධයෙන් ගොඩගැනීමට ඉතා ඉක්මනින් කළ හැකි දේවල් තිබෙනවා. 2015 යහපාලන ආණ්ඩුව පැමිණ දින කිහිපයක් ඇතුළත රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට කටයුතු කළා. ගැබිනි මාතාවන්ට රුපියල් 20,000ක දීමනාවක් දීමට කටයුතු කළා. ගෑස්, ඉන්ධන, අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කිරීමට කටයුතු කළා. මේවා කරන්න සැලසුමක් තිබූ නිසා යහපාලන ආණ්ඩුවට ඒ දේවල් කරන්න හැකියාව තිබුණා.

අත්‍යවශ්‍ය භාණ්ඩවලට පනවා ඇති බදු අඩු කරන බවත්, රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම සිදු කරන බවත්, රටේ පෝලිම් යුගය අවසන් කරන බවත් ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාවල ප්‍රකාශ කළා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT