Home » කොලොන්නාවට ගුවන් යානා ඉන්ධන රැගෙන යන නළයක් පුපුරයි

කොලොන්නාවට ගුවන් යානා ඉන්ධන රැගෙන යන නළයක් පුපුරයි

by chanaka
October 30, 2024 4:06 pm 0 comment

ගුවන් යානා සඳහා භාවිත කරන ඉන්ධන ප්‍රවාහනය කරන නළයක් පුපුරා යෑම් හේතුවෙන් කොළොන්නාව තෙල් සංස්ථාවට අයත් මීතොටුමුල්ල අවට ප්‍රදේශයේ ස්ථාන කිහිපයකින් ඉන්ධන කාන්දුවක් සිදුවෙමින් පවතින බව කොලොන්නාව තෙල් සංස්ථාවට අයත් නිමාව තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය.

කොළඹ වරායේ සිට ඉන්ධන රැගෙන යන දුම්රිය මාර්ගය අසල පිහිටා තිබෙන නළයකට මෙලෙස හානි සිදුවී ඇති බව එම නිලධාරියා කීය.

අද උදෑසන 9.30 ට පමණ ස්ථානීය පරීක්ෂාවට නිලධාරීන් පැමිණි අවස්ථාවේදී එම හානි වූ නළය පිළිබදව නිරීක්ෂණය වී ඇත.

මෙම ඉන්ධන නළය ආශ්‍රිතව වෝට් 33000 අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් සහ නිවාස කිහිපයක් පිහිටා ඇති බව පැවැසේ.

මේ වන විට තෙල් සංස්ථාවට අයත් තෙල් බවුසරයක් හරහා කාන්දුවන ඉන්ධන ඉවත් කරමින් පවතින අතර සංස්ථා නිලධාරීන් විසින් නළයේ අළුත්වැඩියා කටයුතු මේ වන විට සිදුකරමින් පවතී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT