Home » සියලු ප්‍රා/ලේකම් කොට්ඨාස සූකර උණ අවදානමේ

සියලු ප්‍රා/ලේකම් කොට්ඨාස සූකර උණ අවදානමේ

by mahesh
October 30, 2024 1:00 am 0 comment

අසේල කුරුළුවංශ

අප්‍රිකානු සූකර උණ රෝගය (African swine fever) ආසාදිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස මෙරට සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නම් කරමින් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හේමාලි කොතලාවල මහත්මිය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

පසුගිය 25 වැනිදා සිට ඉදිරි මාස තුනක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන අතර රෝගය අවදානම් ප්‍රදේශයට සීමා කිරීම හා පැතිරීම වළක්වා ගැනීම සඳහා ගෙන තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳව ද එහි සඳහන් කර ඇත.

ගැසට් නිවේදනයට අනුව සියලු අවදානම් සහිත ඌරන්, ඌරු මස් හා එම නිෂ්පාදන හෝ රෝගකාරක ද්‍රව්‍ය ආසාදිත හෝ අවදානම් ප්‍රදේශ තුළ හෝ ප්‍රදේශයෙන් පිටතට ප්‍රවාහනය කිරීම, ඉවත් කිරීම, රැගෙන යෑම හෝ පලවා හැරීම තහනම්ය.

ආසාදිත සතුන් ඝාතනය කිරීම ද රෝග අවදානමට ලක්ව සිටින සතුන් සඳහා කෘත්‍රිම අභිජනන ක්‍රම භාවිත කිරීම ද ගැසට් නිවේදනය මඟින් තහනම් කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT