Home » ආසාදිත ඌරු මස් ආහාරයට ගැනීමෙන් සූකර උණ බෝ වෙන්නේ නෑ 

ආසාදිත ඌරු මස් ආහාරයට ගැනීමෙන් සූකර උණ බෝ වෙන්නේ නෑ 

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හේමාලි කොතලාවල

by mahesh
October 30, 2024 12:58 am 0 comment

අසේල කුරුළුවංශ

අප්‍රිකානු සූකර උණ රෝගය (African swine fever) ආසාදිත සත්ත්වයන්ගෙන් හෝ එම සතුන්ගේ මස් ආහාරයට ගැනීම මඟින් මනුෂ්‍යයන්ට බෝ නොවන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හේමාලි කොතලාවල මහත්මිය පවසයි.

එසේ වුවත් මියගිය සතුන්ගේ මස්වල වෙනත් බැක්ටීරියා වර්ග වර්ධනය වීමේ හැකියාවක් පවතින බවත් ඒවා ආහාරයට ගැනීමෙන් වෙනත් සෞඛ්‍ය ගැටලු ඇති වීමේ අවදානමක් පවතින නිසා රෝගයෙන් මියගිය සතුන්ගේ මස් විකිණීමට හෝ ආහාරයට ගැනීම තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ බවත් ඇය කීවාය.

මෙරට ජනතාව මාංස වර්ග සකස් කිරීමේදී සාමාන්‍යයෙන් ඒවා සෙල්සියස් අංශක 100ක පමණ උෂ්ණත්වයකට රත් කරන බවත් එසේ රත් කරන විට බැක්ටීරියා සියල්ල විනාශ වන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරිය පැවසුවාය.

ඌරන්ට ලබාදෙන ඉඳුල් ආහාරවල මංස කොටස් තිබෙන බැවින් ඒවා සතුන්ට ලබා දීමට පෙර විනාඩි 30ක පමණ කාලයක් රත් කිරීම වැදගත් බව ද කොතලාවල මහත්මිය කීවාය.

මෙම රෝගය ව්‍යාප්ත වීම වළක්වා ගැනීම අතිශයින් වැදගත් බවත් ඒ සඳහා සියලු ජනතාවගේ සහාය අපේක්ෂා කරන බවත් ඇය ප්‍රකාශ කළාය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT