Home » ගුවන් නියමුවාගේ බෑගය ඉස්සූ ගෘහසේවිකාව පැය 3න් අල්ලයි

ගුවන් නියමුවාගේ බෑගය ඉස්සූ ගෘහසේවිකාව පැය 3න් අල්ලයි

by mahesh
October 30, 2024 1:00 am 0 comment

කටුනායක - ටී.කේ.ජී. කපිල

අබුඩාබි නුවර සිට තමා පැමිණි ගුවන්යානයේ ගුවන් නියමුවාගේ ගමන් බෑගය සොරාගෙන කටුනායක ගුවන්තොටුපොළෙන් පලා ගිය ගෘහසේවිකාවක ගුවන්තොටුපොළ පොලිසිය මඟින් සොරකම සිදුව පැය 03ක් වැනි කාලයක් තුළදී අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබේ.

මෙම ගුවන් නියමුවා 40 හැවිරිදි කොලොම්බියානු ජාතිකයෙකි. සැකකාරිය වත්තල, හුනුපිටිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි ගෘහසේවිකාවකි. ඇය ඊයේ (29) උදෑසන 08.38ට අබුඩාබි නුවර සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 392 දරන ගුවන්යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණාය.

මෙහිදී ගුවන් නියමුවාගේ ගමන් බෑගය නැති බවට අනාවරණය වී තිබේ. ඒ පිළිබඳ ඉටිහාඩ් ගුවන් සේවයේ කළමනාකාරතුමිය දැනුම්වත් කිරීමෙන් පසු, ගුවන්තොටුපොළ ආරක්ෂක නිලධාරීන්ගේ ද සහාය ඇතිව ආරක්ෂිත කැමරා පද්ධතිය නිරීක්ෂණය කිරීම සිදු කර තිබේ.

එහිදී මෙම ගුවන්යානයෙන් පළමුවෙන්ම බැස ගත් කාන්තාවක ගුවන් නියමුවාගේ ගමන් බෑගය රැගෙන ගුවන්තොටුපොළ වෙනත් ස්ථානයකට ගොස් එම ගමන් බෑගය ඇය සිය බඩුබාහිරාදිය රැගෙන යන ට්‍රොලි කරත්තය තුළ සඟවා ගන්නා ආකාරය නිරීක්ෂණය වී තිබේ.

ඉන්පසුව ඇය ගුවන්තොටුපොළෙන් පිටතට පැමිණ ත්‍රිරෝද රථයක නැඟී සිය නිවෙස බලා පිටත්ව ගොස් ඇත. ඉන්පසු එම ත්‍රිරෝද රථය හඳුනාගෙන වත්තල, හුනුපිටිය ප්‍රදේශයේ පිහිටි එම ගෘහසේවිකාවගේ නිවෙස වෙත ගොස් ගුවන් නියමුවාගේ ගමන් බෑගය සොයා අත්අඩංගුවට ගෙන තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT