Home » හිටපු ඇමැති නිල නිවාස භාරදීමේ කාලය අදින් අවසන්

හිටපු ඇමැති නිල නිවාස භාරදීමේ කාලය අදින් අවසන්

by mahesh
October 30, 2024 1:00 am 0 comment

නෙරංජලා වික්‍රමසිංහ

12ක් තවම දීලා නෑ

හිටපු අමාත්‍යවරුන්ට රජයේ නිල නිවාස නැවත භාර දීමට ලබාදී තිබූ කාලය අදින් අවසන් වෙයි. නමුත් හිටපු අමාත්‍යවරුන් 12 දෙනකු මෙතෙක් සිය නිල නිවාස රජයට භාරදී නැත.

භාර දීමට නියමිතව තිබෙන මෙම නිවාස පිළිබඳ මූලික පරීක්ෂණ මේ වන විට අවසන් කර ඇති නමුත් තවමත් එම නිල නිවාස භාර දී අවසන් කර නැති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.

නිවාසවලට අයත් ගෘහ භාණ්ඩ සහ වත්කම් පරීක්ෂාවට ලක් කර ඇති අතර නිවාස යළි භාර දීමට පෙර ජලය විදුලිය ඇතුළු සියලු උපයෝගිතා බිල්පත් වහාම ගෙවා දමන ලෙසත් හිඟ බිල්පත් ගෙවා අවසන් වනතුරු නිල නිවාස නැවත භාර නොගන්නා බවත් අමාත්‍යාංශය හිටපු අමාත්‍යවරුන්ට දැනුම් දී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT