Monday, April 21, 2025
Home » ශ්‍රී ලංකා මානව හිමිකම් කොමසාරිස්ගේ නාමපුවරු යොදාගෙන යද්දී කොටු වෙයි
රන්-උකස් මධ්‍යස්ථාන ජාලයක හිමිකරුගේ බිරිය

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමසාරිස්ගේ නාමපුවරු යොදාගෙන යද්දී කොටු වෙයි

by mahesh
October 30, 2024 1:00 am 0 comment

අසේල කුරුළුවංශ

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමසාරිස් යනුවෙන් සඳහන් නාම පුවරුවක් ප්‍රදර්ශනය කරමින් ගමන් ගත් මෙරට ප්‍රධාන පෙළේ රන් භාණ්ඩ උකස් මධ්‍යස්ථාන ජාලයක හිමිකරුගේ බිරියට අයත් බව කියන කැබ් රථයක් මහනුවර පොලිසිය භාරයට ගෙන තිබේ.

අදාළ නාමපුවරුව හා රාජ්‍ය ලාංඡනය සහිතව මෙම කැබ් රථය මහනුවර ප්‍රධාන පෙළේ තරු හෝටලයක් අසල නවතා තිබිය දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මානව හිමිකම් ක්ෂේත්‍රයට කිසිදු සම්බන්ධයක් නොමැති පුද්ගලයින් මානව හිමිකම් කොමසාරිස් ලෙස සඳහන් නාමපුවරු ප්‍රදර්ශනය කරමින් වාහනවල ගමන් ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකාරක විරංජන් ඩයස් සුමනසේකර මහතා මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත කරන ලද පැමිණිල්ලකින් පසු විමර්ශන කළ පොලිසිය අදාළ වාහනය පොලිසිය භාරයට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ කාන්තාවගෙන් ද ප්‍රකාශයක් ලබාගත් බව පොලිසිය පවසයි. රාජ්‍ය නොවන ආයතනයක් මඟින් තමන්ට මෙම නාමය පිරිනැමූ බවත් එය වාහනයේ ප්‍රදර්ශනය කිරීම වරදක් බව නොදන්නා බවත් ඇය පොලිසියට පවසා තිබේ.

මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් මත ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායක මහතා ඇතුළු කණ්ඩායමක් ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT