Home » පවුල් හතක් විවාහ වූ අපූරු මංගල උත්සවයක්

පවුල් හතක් විවාහ වූ අපූරු මංගල උත්සවයක්

by mahesh
October 30, 2024 1:00 am 0 comment

අනුරාධපුර සංචාරක බී.ජී. චතුරංග

– දරුවන් 16කට උප්පැන්න නැතිව පාසල් වරම් පවා අහිමි වෙලා
– උප්පැන්න සහතික ලබාදීමට කඩිනම් පියවර පිළිගැනීමක් නැතිව හිටපු අපට වටිනාකමක් දුන්නා

අනුරාධපුර, ගල්නෑව ප්‍රදේශයේ නීත්‍යානුකූලව විවාහ නොවී ජීවත් වූ මව්පියන් 7ක් නීත්‍යානුකූලව විවාහ කරදීමේ අපූරු විවාහ මංගල උත්සවයක් පෙරේදා (28) ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මේ මව්පියන් නිත්‍යානුකූලව විවාහ නොවී සිටීම හේතුවෙන් දරුවන් 16දෙනකුට උප්පැන්න සහතික ලබා ගැනීමට නොහැකිව, පාසල් අධ්‍යාපනයට යොමු වී නොමැති බවට ගල්ලෑව ප්‍රාදේශීය ලේකම්වරයා අනාවරණය කරගත් තොරතුරුවලට අනුව මේ සමූහ විවාහ මංගල්‍යය සිදු කෙරිණි.

එම පවුල් 7 නීත්‍යානුකූල ලෙස විවාහ කර ඔවුන්ගේ දරුවන්ට Òකල්ගිය උපත් ලියාපදිංචියÓ යටතේ කඩිනමින් උප්පැන්න සහතික ලබාදීමට පියවර ගන්නා බව ද ප්‍රාදේශීය ලේකම්වරයා පැවසීය.

මේ අපූරු විවාහ මංගල්‍යය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කේ.ආර්. ප්‍රියදර්ශන මහතා මෙසේ ද පැවසීය.

Òගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අලිවංගුව ගම්මානය කියන්නේ වෙනම උප සංස්කෘතියක් තිබෙන ගම්මානයක් බව මා හඳුනා ගත්තා. ඒ ගම්මානයේ තොරතුරු නිරීක්ෂණය කර බලද්දි ළමයි 16කට වැඩි පිරිසක් ඉන්නවා උප්පැන්න සහතිකයක් නැතිව. ඒ ඇයි කියා හොයද්දි ඒ ළමයින්ගේ මව්පියන් නීත්‍යානුකූලව විවාහ වෙලා නෑ කියා දැනගත්තා. නමුත් දරුවන්ට නීත්‍යානුකූලව උප්පැන්න සහතිකයක් ලබාදීමේ අවශ්‍යතාව අනුව තමයි හඳුනා ගත් පවුල් 7ක් නීත්‍යානුකූලව විවාහයට ඇතුළත් කළේ.”

මේ අවස්ථාවට එක්වෙමින් නීත්‍යානුකූලව විවාහයට පත්වූ අයෙක් මෙසේ පැවසීය.

Òඅද දවස අපට බොහොම සතුටු දවසක්. ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 474 තුලානයේ ඇත් පවුර, නෑගම්පහ ප්‍රදේශයේ නීත්‍යානුකූලව විවාහ නොවුණු 14 දෙනකු පමණ සිටිනවා. ඒ නිසා අපේ දරුවන්ට පාසලට යන්න විදිහක් නැහැ උප්පැන්න සහතිකයක් නැතිව. ඒ නිසා ප්‍රාදේශීය ලේකම්තුමා, ග්‍රාම නිලධාරිනිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හා කාන්තා අංශය මැදිහත්වෙලා අද දින පවුල් 7ක් මේ ස්ථානයේදී විවාහ කළා. නීත්‍යානුකූලව විවාහ නොවීම නිසා අපට බොහෝ දුෂ්කරතාවන්ට මුහුණපාන්න සිදු වෙලා තිබුණා. අපි පිළිගැනීමක් නැතිව හිටපු මිනිස්සු. මේ සියලුම දෙනා එකතු වෙලා අපට වටිනාකමක් දුන්නා” යැයි ද පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT