37
දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවියෙන් සම්මානිත මහාචාර්ය, මිදිගම සෝරත නායක ස්වාමින් වහන්සේ ඉකුත්දා පිදුම් ලැබූහ. මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක මාහිමිපාණන් ඇතුළු කාරක සංඝ සභාව මඟින් මේ තනතුර ප්‍රදානය කෙරිණ. වැලිගම අග්‍රබෝධි රජමහා විහාරය, සුල්තානාගොඩ රාමගිරි පුරාණ විහාරය, පට්ටිවිල ශ්‍රී ශෛලාරාමය සහ ඉන්දියාවේ ලක්නව් බෞද්ධ විහාරාධිපති ධුර ද එහිමියෝ හොඹවති.