Sunday, April 20, 2025
Home » ආරක්‍ෂක ලේකම් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හමුදා මූලස්ථානයේ සංචාරයක

ආරක්‍ෂක ලේකම් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හමුදා මූලස්ථානයේ සංචාරයක

by mahesh
October 30, 2024 1:00 am 0 comment

රක්ෂණ ශ්‍රියන්ත

ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා පෙරේදා (28), ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය. ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වැඩ භාර ගැනීමෙන් පසු ආරක්‍ෂක ලේකම්වරයා යුද හමුදා මූලස්ථානයට පැමිණි පළමු නිල සංචාරය මෙයයි. ආරක්‍ෂක ලේකම්වරයා සම්ප්‍රාප්ත වීමත් සමඟ යුද හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් චමිල මුණසිංහ විසින් සම්මාන මුරයක් පිරිනමමින් ඔහු පිළිගනු ලැබීය. ඉන් අනතුරුව, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා විසින් ආරක්‍ෂක ලේකම්වරයා ඉතා උණුසුම් අයුරින් පිළිගත් අතර, ඔහු යුද හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළු කාර්ය මණ්ඩලය හඳුන්වා දෙනු ලැබීය.

මෙහිදී, ආරක්‍ෂක ලේකම්වරයා සහ යුද හමුදාපතිවරයා සුහද සාකච්ඡාවක නිරත වූ අතර, යුද හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟද සාකච්ඡා කළේය.

පිළිගැනීමේ සටහනකින් පසුව භට පිරිස් ඇමතූ ආරක්‍ෂක ලේකම්වරයා, සිදුවිය හැකි කැරලි, ස්වාභාවික විපත් සහ වසංගත පිළිබඳව නිසි අවධානය යොමු කරමින් ජාතික ආරක්‍ෂාව ප්‍රමුඛත්වය කර ගනිමින් රටේ සංවර්ධන ක්‍රියාවලියට ශ්‍රී ලංකා හමුදාව දක්වන දායකත්වය පිළිබඳව අගය කළේය. අනතුරුව, එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්තා (විශ්‍රාමික) විසින් අමුත්තන්ගේ පොතේ සටහනක් තැබූ අතර, මේ අවස්ථාව සනිටුහන් කිරීම උදෙසා සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.

ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී, ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරි, යුද හමුදා මූලස්ථානයේ නිලධාරින්, සෙසු නිලයන් සහ සිවිල් කාර්ය මණ්ඩලය ද මේ අවස්ථාවට එක් වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT