Home » දුගී පවුල් 300කට රු:මිලියන 3ක වියළි ආහාර මලු බෙදාදීම මල්වතු මහා විහාරයේ දී

දුගී පවුල් 300කට රු:මිලියන 3ක වියළි ආහාර මලු බෙදාදීම මල්වතු මහා විහාරයේ දී

by mahesh
October 30, 2024 1:00 am 0 comment

අසේල කුරුළුවංශ
මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දුන් අයුරු. ඡායාරූපය-රුවන් මීගම්මන

මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනායක හිමියන්ගේ අවවාද හා අනුශාසනා මත දුගී පවුල් 300ක් සඳහා රුපියල් මිලියන 3ක් වටිනාකමින් වියළි ආහාර මලු බෙදාදීම පසුගිය 27 දා මල්වතු මහ විහාරයේ දී සිදු කෙරිණි.

චීනයේ ෂීදා හෝ මෙහෙණින් වහන්සේ ප්‍රමුඛ එරට බෞද්ධ දායක දායිකාවන්ගේ අනුග්‍රහය මත ක්‍රියාත්මක වූ මේ සද්කාර්යය මල්වතු මහා විහාරයේ කාරක සංඝ සභික දොරණෑගම රතනපාල නාහිමියන් විසින් සංවිධානය කරනු ලැබීය.

කොවිඩ් වසංගතය දරුණු ලෙස පැතිර යද්දී ආදායම් මාර්ග ඇහිරී ජනතාව අසරණ තත්ත්වයේ සිටියදී ද මල්වතු මහනායක හිමියන්ගේ අවවාද හා අනුශාසනා මත මේ ආකාරයෙන් දහස් සංඛ්‍යාත ජනතාවකට අවස්ථා කිහිපයකදීම වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදුන් අතර ඒ සඳහා ද අනුග්‍රහය දක්වනු ලැබුවේ ෂිදා හෝ මෙහෙණින් වහන්සේය.

මේ අවස්ථාවට මල්වතු පාර්ශ්වයේ කාරක සංඝසභික තිබ්බටුවාවේ මේධංකර,මහවෙල රතනපාලන හිමිවරද සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT