Monday, April 21, 2025
Home » හැටන් ගිය මෝටර් රථය අඩි 20ක ප්‍රපාතයකට

හැටන් ගිය මෝටර් රථය අඩි 20ක ප්‍රපාතයකට

by mahesh
October 30, 2024 1:00 am 0 comment

හැටන් - රංජිත් රාජපක්ෂ

කොළඹ සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 20 ක් පමණ ප්‍රපාතයක පිහිටි තේ වත්තට පෙරළීමෙන් අනතුරක් සිදු වී ඇති බව හැටන් පොලිසිය පවසයි.

මෙම අනතුර සිදු වි ඇත්තේ ඊයේ (29) අලුයම 2.00ට පමණ හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ෂැනන් වත්ත ප්‍රදේශයේදීය.

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල සිට හැටන් දක්වා අලුයම් කාලයේ ඝන මිදුම් තත්ත්වයක් පැවති බවත්, මෝටර් රථයේ රියැදුරුට මාර්ගය නිසිලෙස දිස් නොවීමෙන් මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වී ඇති බව අනතුර පිළිබඳව පරීක්ෂණ පවත්වන හැටන් පොලිසිය පවසයි.

මෝටර් රථය අනතුරට පත් වන අවස්ථාවේ මෝටර් රථයේ සිව්දෙනෙකු ගමන් කර ඇති බවත්, අනතුරින් කිසිවෙකුට තුවාලයක් සිදු වී නොමැති වුවත් මෝටර් රථයට දැඩි අලාභ හානි සිදු වී ඇති බවත් පොලිසිය කියයි.

අනතුර පිළිබඳව හැටන් පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීහු පරික්ෂණ පවත්වති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT