නානුඔය නගරයේ සිට නානුඔය ක්ලාන්ටන් වතුයාය දක්වා ධාවනය වූ ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත්වීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් මගීන් තිදෙනෙකු සහ රියැදුරා බරපතළ ලෙස තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බව නානුඔය පොලිසිය පවසයි.
මෙම අනතුර සිදු වී ඇත්තේ පෙරේදා (28) රාත්‍රි 8.00ට පමණ නුවරඑළිය හැටන් ප්‍රධාන මාර්ගයේ නානුඔය ක්ලාන්ටන් වත්ත ප්‍රදේශයේදීය.
ත්‍රිරෝද රථයේ රියැදුරා පෙරේදා (28) රාත්‍රියේ ඔහු පදිංචි නානුඔය ක්ලාන්ටන් වතුයාය දක්වා ත්‍රිරෝද රථය ධාවනය කරන අවස්ථාවේ එම වතුයායට යෑමට සිටි තිදෙනෙකු ද ත්‍රිරෝද රථයේ නංවාගෙන ඇත.
අධික වේගයෙන් ධාවනය කර ඇති ත්‍රිරෝද රථයේ වේගය පාලනය කරගත නොහැකිව ත්‍රිරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 25ක් පමණ ප්‍රපාතයෙන් පිහිටි තේ වත්තට පෙරළී මෙම අනතුර සිදු වී ඇති බවයි අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන නානුඔය පොලිසිය පවසා සිටියේ.
අනතුරෙන් ත්‍රිරෝද රථයට දැඩි අලාභහානි සිදු වී ඇත.