Home » බෙලිඅත්තේ සිට මහනුවර ගිය මගී දුම්රියේ මැදිරියක T56 මැගසිනයක් සමඟ උණ්ඩ 57ක්

බෙලිඅත්තේ සිට මහනුවර ගිය මගී දුම්රියේ මැදිරියක T56 මැගසිනයක් සමඟ උණ්ඩ 57ක්

by mahesh
October 30, 2024 1:00 am 0 comment

තංගල්ල - බන්දුල පද්මසිරි

බෙලිඅත්තේ සිට මහනුවර බලා ධාවනය වීමට නියමිතව තිබූ මගී දුම්රියේ මැදිරියක තිබුණු අයිතිකරුවෙක් නොමැති බෑගයක තිබී ටී 56 අවිවලට යොදන මැගසිනයක් සහ පතොරම් 57ක් ඊයේ (29) හමු වී තිබේ.

මෙම දුම්රිය මරදානේ සිට බෙලිඅත්ත බලා පැමිණ නැවත මහනුවර බලා ධාවනය කිරීමට නියමිතව තිබී ඇත. බෙලිඅත්ත දුම්රිය ස්ථානයේදී ධාවනයට පෙර දුම්රිය මැදිරි පරීක්ෂා කිරීමේදී අයිතිකරුවෙක් නොමැති බෑගයක් පරීක්ෂා කිරීමේදී මෙම පතොරම් දුම්රිය ආරක්ෂකයන්ට හමුවී තිබේ.

ඊයේ (29) උදෑසන 6.30ට මරදානෙන් පිටත්වූ දුම්රිය දහවල් 12.30 ට පමණ බෙලිඅත්ත දුම්රිය ස්ථානයට ළඟාවී ඇත.

දුම්රියෙන් පැමිණි ජනතාව ඉන් බැස ගිය පසු දුම්රිය ආරක්ෂක අංශයේ නිලධාරින් ඊළඟ දුම්රිය ගමනට පෙර දුම්රිය පරීක්ෂා කරනු ලැබ ඇතැයි පොලිසිය සඳහන් කරයි. එහිදී දුම්රියේ තුන්වන පන්තියේ මැදිරියක අසුනක් යට තිබී කළු පැහැති බෑගයක් නිලධාරීන්ට හමුවී තිබේ. එහි තිබී උණ්ඩ 30ක් පුරවන ලද මැගසිනය සහ කළු පැහැති ප්ලාස්ටික් භාජනයක දැමූ පතොරම් 27ක් හමුවී ඇතැයි ද පොලිසිය පවසයි.

උණ්ඩ සහිත බෑගය දුම්රියේ තබා ගිය අය හඳුනාගෙන නැත.

තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිර පෙත්තතන්ත්‍රි මහතාගේ උපදෙස් පරිදි බෙලිඅත්ත පොලිසිය සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT