ගල්කිස්ස, රත්මලාන 4 ගේට්ටුව අසල දී අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් ත්‍රිරෝද රථ රියදුරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීමේ දී විදේශීය රටක නිෂ්පාදිත රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් සොයා ගැනීමට හැකිවූ බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.
සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 2800ක් සොයා ගැනීමට හැකි වී ඇත.
ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සැකකරු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදුකළ ප්‍රශ්න කිරීමේ දී මොරටුමුල්ල ප්‍රදේශයේ මස්සිනාගේ නිෙවසේ ගිනි අවියක් සඟවා තිබෙන බවට තොරතුරු අනාවරණය කළ බව පොලිසිය සඳහන් කරයි.
එම නිවෙසේ අල්මාරිය යට සඟවා තිබූ පාකිස්ථානයේ නිෂ්පාදිත රිවෝල්වර වර්ගයේ ගිනි අවිය සිය භාරයට ගත් බව පොලිසිය කියයි.
සැකකරුට මෙම ගිනි අවිය ලද ආකාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේ දී එය ලබා දුන් පුද්ගලයා මියගොස් ඇතැයි ප්‍රකාශ කළ බවත් එනමුත් එම ප්‍රකාශය විශ්වාස කළ නොහැකි බවත් ඒ සම්බන්ධයෙන් හා මෙම ගිනි අවිය යොදාගෙන අපරාධ සිදුකර ඇද්ද යන්න දීර්ඝ ලෙස විමර්ශන සිදු කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
පෙර වැරදි රැසක් ඇති 33 හැවිරිදි සැකකරු දෙහිවල ඕබන් ප්‍රදේශයේ ද පදිංචිව සිට ඇති අතර වර්තමානයේ රත්මලානේ පදිංචිකරුවෙකි. සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න බ්‍රාහ්මණ, පොලිස් අධිකාරී රෝහන් පුෂ්පකුමාර මහත්වරුන්ගේ උපදෙස් මත ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක දීලිප සී. පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ යතුරු පැදි ඒකකයේ පොලිස් සැරයන් (5532) අල්විස්, (70421) සුදත්, පොලිස් කොස්තාපල්වරුන් වන (88246) චින්තක, (25347) බණ්ඩාර, (98970) සදියන් මහත්වරුන් පරීක්ෂණ පවත්වයි.