Monday, April 21, 2025
Home » ඝාතනය කළ මොනරුන් හාවන් සමඟ අත්අඩංගුවට
කෝටිපති ව්‍යාපාරික පුත්‍රයා දඩයමේ ගිහින්

ඝාතනය කළ මොනරුන් හාවන් සමඟ අත්අඩංගුවට

by mahesh
October 30, 2024 1:00 am 0 comment

පුත්තලම අතිරේක හිරාන් ප්‍රියංකර ජයසිංහ

පුත්තලම නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ පුතෙකු වන සතුන් දඩයම් කර කැබ් රථයකින් රැගෙන යමින් සිටියදී ගිනිඅවි සමඟ වනාතවිල්ලුව හයේ කණුව මාර්ග බාධකයේදී එහි රාජකාරිවල නිරත වූ පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගැනීමට ඊයේ (29) අලුයම සමත්ව තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ කෝටිපති ව්‍යාපාරිකයාගේ පුත්‍රයා වන 24 හැවිරිදි තරුණයකු හා ඔහුගේ මිතුරෙකු බව පොලිසිය පවසයි.

වනාතවිල්ලුව හයේ කණුව මාර්ග බාධකය හරහා ගමන් කරමින් තිබූ මෙම කැබ් රථය ගැන සැක සිතුණ මාර්ග බාධකයේ රාජකාරිවල නිරත වී සිටි පොලිස් නිලධාරින් අදාළ කැබ් රථය නවතා පරීක්ෂා කිරීමට ලක්කර ඇත.

එහිදී වෙඩි තබා මරන ලද විශාල මොනරෙකු හා හාවන් දෙදෙනෙකු සමඟ විදේශ රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයෙ ගිනිඅවියක් හා හිස් පතරොම් හතරක්, ජීව පතරොම් එකක් හා පිහි දෙකක් තිබී හමුවූ බව පොලිසය පවසයි.

ඒ සමඟම මෙම සැකකරුවන් ගමන් ගත් කැබ් රථය ද මාර්ග බාධකයේ රාජකාරිවල නිරත වී සිටි නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් හා මොනරා හා හාවන් පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

වනාතවිල්ලුව පොලිසිය අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අරඹා තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT