Home » මානව හිමිකම් චෝදනාවට ලක්වූ පාකිස්තානය පොදුරද මඬුල්ලෙන් නෙරපීමේ ඉල්ලීමක්

මානව හිමිකම් චෝදනාවට ලක්වූ පාකිස්තානය පොදුරද මඬුල්ලෙන් නෙරපීමේ ඉල්ලීමක්

by mahesh
October 30, 2024 1:00 am 0 comment

පාකිස්තානයේ ක්‍රියාත්මක වන ආගමික අපහාස නීතිය අවභාවිත කිරීම, ඒ යටතේ දඬුවම් ලබාදීම සහ සුළුතර ආගමික ප්‍රජාවට සිදුවන හිංසා කිරීම් හේතුවෙන් මානව හිමිකම් උල්ලංඝනය වී ඇති බැවින් පාකිස්තානයේ පොදු රාජ්‍ය මණ්ඩලයීය සාමාජිකත්වය අත්හිටුවන ලෙස යුරෝපා සංගමයේ නියෝජිතයන් ඒකාබද්ධව ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. යුරෝපා සංගමයේ නියෝජිතයන් සහ මානව හිමිකම් සංවිධාන නියෝජිතයන් අතර පසුගියදා පැවැති සාකච්ඡාවකදී එම ඉල්ලීම ඉදිරිපත් වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ප්‍රධානතම ගෝලීය ගැටලු සම්බන්ධව සාකච්ඡා කිරීමට සැමෝවා රාජ්‍යයේ පළමුවරට පැවති පොදුරාජ්‍ය මණ්ඩලයීය ප්‍රධානින්ගේ රැස්වීමේදි පාකිස්තානයේ වර්තමානයේ සිදුවන මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ දැඩි අවධානයක් යොමුවූ බවත්, ඒ සඳහා පාකිස්තානයේ මානව හිමිකම් වාර්තා අධ්‍යයනය කර ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. පාකිස්තානයේ මානව හිමිකම් උල්ලංඝනය වීමේ වාර්තාවට අනුව ආගමික අපහාස යටතේ දඬුවම් ලබාදීම් සහ එම නීතිය අවභාවිත කිරීම ඉහළ අගයක් ගෙන ඇතැයි ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT