Home » හෙස්බුල්ලා සංවිධානයට නව නායකයෙක්

හෙස්බුල්ලා සංවිධානයට නව නායකයෙක්

by mahesh
October 30, 2024 1:00 am 0 comment

ලෙබනනයේ ක්‍රියාත්මක වන හෙස්බුල්ලා සංවිධානයේ සන්නද්ධ අංශයේ නායකයා ලෙස නයිම් කාසිම් නමැති හිටපු නියෝජ්‍ය නායකයකු පත්කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගියදා ඊශ්‍රායල ප්‍රහාරයකින් එහි නායක හසන් නස්රුල්ලා මියයෑමෙන් පසු හෙස්බුල්ලා සංවිධානයේ නව නායකයා ලෙස පත් කිරීමට නියමිතව සිටි නස්රුල්ලාගේ ඥාති සොහොයුරකු වන හසීම් ෂෆිඩීන් ද ඊශ්‍රායල ප්‍රහාරයකින් මිය ගිය අතර, අනතුරුව නව නායකයකු පත්කිරීමට හෙස්බුල්ලා සංවිධානය වැඩි කාලයක් ගෙන ඇතැයි ද වාර්තා වේ. 71 හැවිරිදි නයිම් කාසිම් හෙස්බුල්ලා සංවිධානයේ දෙවැනි ප්‍රධානියා ලෙස සැලකෙන අතර, අසූව දශකයේදී එම සංවිධානය බිහිකිරීමට පුරෝගාමීව කටයුතු කළ පුද්ගලයකු බව ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT