Home » කොළඹ උද්ධමනයේ සැළකිය යුතු වෙනසක්

කොළඹ උද්ධමනයේ සැළකිය යුතු වෙනසක්

by chanaka
October 30, 2024 4:26 pm 0 comment

2024 සැප්තැම්බර් මාසයේ -0.5%ක් ලෙස වාර්තා වූ කොළඹ උද්ධමනය 2024 ඔක්තෝබර් මාසයේදී -0.8% ක් දක්වා අඩු වී තිබේ.

2024 ඔක්තෝබර් මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 1.0% දක්වා වැඩි වී ඇති අතර 2024 සැප්තැම්බර් මාසයේ දී එය වාර්තා වුයේ -0.3%ක් ලෙසය.

එමෙන්ම, 2024 ඔක්තෝබර් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය -1.6% ක් දක්වා අඩු වී ඇති අතර එය 2024 සැප්තැම්බර් මාසයේ දී -0.5% ක් ලෙස වාර්තා විය.

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2024 ඔක්තෝබර් මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කරමින් ඒ බව සඳහන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT