Home » අගමැතිනියට ලැබුණු පොපි මල

අගමැතිනියට ලැබුණු පොපි මල

by chanaka
October 30, 2024 4:14 pm 0 comment

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය වාර්ෂිකව සංවිධානය කරන සන්නද්ධ හමුදා අනුස්මරණ පොපි මල් දින සැමරුම වෙනුවෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත පොපි මල පැළඳවීම සේවා මුක්ත භට සංගමයේ උප ලේකම් මන්ත්‍රී කොස්වත්ත මහත්මිය විසින් අද (30) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු කළාය.

පොපි මල් අලෙවියෙන් ලැබෙන ආදායම විශ්‍රාමික හා ආබාධිත හමුදා නිළධාරීන්ගේ සුභසාධනය සඳහා වෙන් කෙරේ. පළමුවන හා දෙවන ලෝක යුද්ධයේදී මෙන්ම ශ්‍රී ලංකාවේ පැවති අභ්‍යන්තර යුද ගැටුම්වලදී මියගිය හමුදා සාමාජිකයින් අනුස්මරණය කරමින් පොපි සැමරුම සිදුකරන අතර, ශ්‍රී ලංකාවේ ද නොවැම්බර් මස 11ට ආසන්න ඉරු දිනක මෙම සැමරුම පවත්වයි.

විශ්‍රාමික හා ආබාධිත හමුදා සාමාජිකයින්ගේ සුභසාධනය වෙනුවෙන් පොපිමලක් පළදින ලෙස මෙහිදී ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති කර්නල් අජිත් සියඹලාපිටිය සියලු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති කර්නල් අජිත් සියඹලාපිටිය, උප සභාපති මේජර් ජනරාල් මහින්ද මුදලිගේ, භාණ්ඩාගාරික මේජර් චිල්ටන් ද සිල්වා, ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සමාජික මේජර් සංජිත් විජේරත්න, පොපි කමිටු සමාජික අමිතා රෝහණ මහත්මමහත්මීන් මෙම අවස්ථාවට එක්ව සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT