Home » ආරුගම්බේට ප්‍රහාරයක් සැලසුම් කළ දෙදෙනකු රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග

ආරුගම්බේට ප්‍රහාරයක් සැලසුම් කළ දෙදෙනකු රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග

by mahesh
October 30, 2024 1:00 am 0 comment

කල්පනි අබේසිංහ

රට තුළ සිටින ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කර ගනිමින් ආරුගම්බේ සංචාරක පුරවරයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවේ පසුවන සැකකරුවන් දෙදෙනකු දින 90ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට පියවර ගෙන ඇති බව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසේන මහතාට ඊයේ (29) දැනුම් දුන්නේය.

එම සිද්ධිය සම්බන්ධයෙන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් එම සිව්දෙනාගෙන් දෙදෙනකුගෙන් දින අනූවක් රඳවා තබාගෙන මේ වන විටත් ප්‍රශ්න කරමින් සිටින බවත් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දී ඇත. ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයාට ලැබී ඇති බලතල අනුව මෙම සැකකරුවන් දෙදෙනා ද දින අනූවක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට පියවර ගෙන ඇති බව ද මෝසමක් ගොනු කරමින් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැන්වීය. ආරුගම්බේ ප්‍රදේශය මුල් කරගෙන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනාගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ මෙම සිද්ධියට අදාළව තවත් සැකකරුවන් කිහිපදෙනකු පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන පැවැත්වෙන බවත් මෝසම ඉදිරිපත් කරමින් අධිකරණය හමුවේ දැනුම් දී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT