Home » කටුනායක ගුවන්තොටේ බෝම්බ බිය මැවූ සැකකරු අත්අඩංගුවට

කටුනායක ගුවන්තොටේ බෝම්බ බිය මැවූ සැකකරු අත්අඩංගුවට

by mahesh
October 30, 2024 1:00 am 0 comment

ගයාන් කුමාර වීරසිංහ

කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළේ බෝම්බයක් ඇතැයි සඳහන් කරමින් ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ කළමනාකරුට ව්‍යාජ දුරකතන ඇමතුමක් දුන් පුද්ගලයකුව මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ දැනුම් දීමකට අනුව වාරියපොළ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

වාරියපොළ පදිංචිකරුවකු වන සැකකරු අවුරුදු 67ක් වයසැති අයෙකි.

මෙම පුද්ගලයා පසුගිය 27 වැනිදා ජංගම දුරකතනයකින් ඇමතුමක් දෙමින් ගුවන්තොටුපොළේ බෝම්බයක් ඇතැයි පවසා ඇති බව පොලිසිය සඳහන් කළේය.

මේ ගැන සොයා බැලීමේදී එම තොරතුර ව්‍යාජ එකක් බව අනාවරණය වීමෙන් අනතුරුව පොලිස් විමර්ශනයක් ආරම්භ කර ඇත්තේ ඇමතුම දුන් පුද්ගලයා සම්බන්ධයෙනි.

ඒ අනුව මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විමර්ශනයක් පවත්වා ඇමතුම දුන් දුරකතනයේ හිමිකරු හඳුනාගෙන තිබේ. අනතුරුව වාරියපොළ පොලිසියට කළ දැනුම්දීමකට අනුව සැකකරු පෙරේදා (28) අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ ගුවන්තොටුපොළේ බෝම්බයක් ඇතැයි තමාට හිතුණු බැවින් එම ඇමතුම ලබාදුන් බවය. විමර්ශනයේදී මෙම පුද්ගලයා මන්ද මානසික තත්ත්වයකින් පෙළෙන අයකු බවට අනාවරණය වී ඇතැයි පොලිසිය සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT