Home » පොලිස් කොස්තා­ප­ල්ව­රිය රන් පද­ක්කම් දිනයි

පොලිස් කොස්තා­ප­ල්ව­රිය රන් පද­ක්කම් දිනයි

by Gayan Abeykoon
October 29, 2024 1:19 am 0 comment

අත්ත­න­ගල්ල සමූහ උපාලි විජිත කුමාර

දිය­ගම මහින්ද රාජ­පක්ෂ ක්‍රීඩාං­ග­ණයේ ඉකුත්දා පැවති රාජ්‍ය සේවා මලල ක්‍රීඩා තර­ගා­ව­ලි­යේදී නිට්ට­ඹුව මූල­ස්ථාන පොලි­සියේ කාන්තා පොලිස් කොස්තා­ප­ල්ව­රි­යක් වූ 29 හැවි­රිදි නෙරං­ජලා මධු­ෂානි රන් පද­ක්කම් 4ක් ඇතුළු පද­ක්කම් 6ක් දිනා විශිෂ්ට දක්ෂතා දැක්වූ­වාය.

අවු­රුදු 20-30 අතර කාණ්ඩ­යෙන් තරග කළ ඇය මීටර් 400 කඩුලු පැනීම, මීටර් 400 දිවීම, මීටර් 400 සහය දිවීම හා මීටර් 400 මිශ්‍ර ධාවන තර­ග­ව­ලදී ප්‍රථම ස්ථාන දිනා­ගත් අතර, මීටර් 100 සහය දිවීම තර­ග­යෙන් දෙවැනි ස්ථානය, තුම්පිම්ම තර­ග­යෙන් තෙවැනි ස්ථානය හිමි­කර ගත්තාය.

අල්ගම කන්දෙ­ගම පාර, මදු­රු­පි­ටිය පදිංචි ඇය අල්ගම මධ්‍ය මහා විද්‍යා­ලයේ ආදි ශිෂ්‍යා­වක් වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT