Sunday, April 20, 2025
Home » රග්බි පිටි­යට උඩින් පහත්වුණු කමි­ටු­වක්

රග්බි පිටි­යට උඩින් පහත්වුණු කමි­ටු­වක්

එවැනි කමිටු මම තවම පත් කළේ නෑ - ක්‍රීඩා අධ්‍යක්ෂ ජන­රාල්

by Gayan Abeykoon
October 29, 2024 1:00 am 0 comment

ෆවුස් මොහො­මඩ්

මේ මස අග භාගයේ ආරම්භ වීමට නිය­මිත 2024-2025 ලීග් රග්බි තර­ගා­ව­ලිය සඳහා කමිටු 5කින් සම­න්වි­තව පත්කර ඇති බවට ප්‍රසි­ද්ධි­යට පත්වී ඇති නාම ලේඛ­නය පළාත් රග්බි සංගම් සහ ක්‍රීඩා සමාජ අතර දැඩි විම­ති­යට කරු­ණක් වී ඇතැයි ආරංචි මාර්ග වාර්තා කළේය. ෂම්රාත් ප්‍රනාන්දු තර­ගා­වලි අධ්‍ය­ක්ෂ­ව­රයා ලෙස නම් කර­මින් ප්‍රසි­ද්ධි­යට පත්වූ එම ලේඛ­න­යට තර­ගා­වලි කමි­ටුව, අනු­ග්‍රා­හක කමි­ටුව, විනය කමි­ටුව, තාක්ෂණ කමි­ටුව සහ තර­ගා­වලි මෙහෙ­යුම් කමි­ටුව ලෙස කමිටු පත් කර ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.

මේ වන විට රග්බි ක්‍රීඩාවේ නිසි බල­ධා­රියා ලෙස කට­යුතු කරනු ලබන්නේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජන­රාල් මහා­චාර්ය ෂෙමාල් ප්‍රනාන්දු මහතා වන අතර, ලීග් තර­ගා­ව­ලිය සඳහා කමි­ටු­වක් පත් කිරීමේ වග­කීම හා අයි­තිය ද ඔහු සතුව ඇති බැවින් මේ වන ­විට ප්‍රසි­ද්ධි­යට පත්වී ඇති තර­ගා­වලි කමිටු නාම­ලේ­ඛ­නය ඔහුගේ අනු­දැ­නුම යටතේ සකස් වූ බවට ද තොර­තුරු වාර්තා වේ.

එසේ වුවද මේ පිළි­බඳ ‘දින­මිණ‘ කළ විම­සු­ම­කදී ක්‍රීඩා අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රයා කියා සිටියේ කිසිදු අව­ස්ථා­වක එවැනි කමි­ටු­වක් පත් නොකළ බවය.

‘මම එහෙම කමි­ටු­වක් අද වෙන­කල් පත් කරලා නෑ. ඒක මම කරන්නේ නිසි බල­ධා­රී­න්ගෙන් හරි විදි­හට අනු­මැ­තිය අර­ගෙ­නයි. ඔය නිකුත් වෙලා තියෙ­න­වාය කියන ලීග් තර­ගා­වලි කමි­ටුව එක් එක්කෙනා අනු­මාන කරලා හදපු එකක් වෙන්න ඇති.‘ ලීග් තර­ගා­ව­ලිය සඳහා තර­ගා­වලි කමි­ටු­වක් නම් කිරීම ප්‍රති­ක්ෂේප කර­මින් ක්‍රීඩා අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රයා එසේ කීවේය.

‘ලීග් තර­ගා­වලි කමි­ටුව මම පුළු­වන් තරම් ඉක්ම­නට ප්‍රසිද්ධ කර­නවා. මටත් නම් කිහි­ප­යක් ඉදි­රි­ප­ත්වෙලා තියෙ­නවා මේ අය හොඳයි කියලා කමි­ටු­වට ඇතු­ළත් කරන්න කියලා. ඒ වුණාට හරි විදි­හට උප­දෙස් අනුව අනු­මැ­තිය අර­ගෙන තමයි මම කමි­ටුව පත් කරන්නේ. මගේ බලා­පො­රො­ත්තුව කොහො­ම­හරි නොවැ­ම්බර් 22 වැනිදා තර­ගා­ව­ලිය ආරම්භ කර­න්නයි.‘ ක්‍රීඩා අධ්‍යක්ෂ ජන­රාල් මහා­චාර්ය ෂෙමාල් ප්‍රනාන්දු කියා සිටි­යේය.

නිය­මිත කාල­සී­මාව ඇතු­ළත වාර්ෂික මහ සභාව සහ නිල­ව­ර­ණය නොපැ­වැ­ත්වීම හේතු­වෙන් හිටපු ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු විසින් අති­වි­ශේෂ ගැසට් පත්‍ර­යක් මගින් රග්බි ආය­ත­නයේ ලියා­ප­දිං­චිය අත්හි­ටුවා එහි නිල­ධාරී මණ්ඩ­ලය විසු­රුවා හැරී­මෙන් පසු නිසි බල­ධා­රියා ලෙස ක්‍රීඩා අධ්‍යක්ෂ ජන­රාල් මහා­චාර්ය ෂෙමාල් ප්‍රනාන්දු පත් කළ අතර, එසේ විසු­රුවා හරිනු ලැබූ අව­ස්ථා­වේදී රග්බි ආය­ත­නයේ නිල­තල දැරූ පුද්ග­ල­යන් ද, අධි­ක­රණ ක්‍රියා­මා­ර්ග­ව­ලට මුහුණ පා සිටින නිල­ධා­රීන් ද ප්‍රසි­ද්ධි­යට පත් වී ඇති ලීග් තර­ගා­වලි කමි­ටු­වට ඇතු­ළත් වී ඇතැයි වාර්තාවේ. ක්‍රීඩා අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රයා එවැනි කමි­ටු­වක් මෙතෙක් පත්කර නොමැති නම් සාවද්‍ය ලීග් රග්බි තර­ගා­වලි කමි­ටු­වක් සකස් කර පළාත් සංගම් සහ ක්‍රීඩා සමාජ අත­රට නිකුත් කළ අදෘ­ෂ්‍ය­මාන බල­වේ­ගය පිළි­බඳ සොයා බැලීම ද ක්‍රීඩා අධ්‍යක්ෂ ජන­රා­ල්ව­ර­යාගේ වග­කී­මක් බව පළාත් සංග­ම්වල අද­හස වී තිබේ.

‍ප්‍රසිද්ධි­යට පත් කර ඇති ලීග් රග්බි තර­ගා­වලි කමි­ටුවේ තර­ගා­වලි අධ්‍ය­ක්ෂ­ව­රයා ලෙස ෂම්රාත් ප්‍රනා­න්දුගේ නම සඳ­හන් වන අතර, එහි සභා­පති අනු­ග්‍රා­හක කමිටු සභා­පති ලෙස රොහාන් අබේ­කෝන්ගේ, විනය කමිටු සභා­පති ලෙස මේජර් ජෙන­රාල් ක්‍රිෂ්ණ­ර­ත්නගේ, තාක්ෂ­ණික කමිටු සභා­පති ලෙස ටෝනි අමිත්ගේ නම් සඳ­හන් කර­මින් නිකුත් කර ඇති අතර, පූර්ණ ලැයි­ස්තු­වට නම් රැසක් ඇතු­ළත්ය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT