Home » පාලක මණ්ඩ­ලය සමඟ ගැටී කර්ස්ටන් ඉල්ලා අස්වෙයි

පාලක මණ්ඩ­ලය සමඟ ගැටී කර්ස්ටන් ඉල්ලා අස්වෙයි

by Gayan Abeykoon
October 29, 2024 1:25 am 0 comment

පාකි­ස්තාන එක්දින සහ විස්සයි20 ප්‍රධාන පුහු­ණු­කරු තන­තු­රෙන් දකුණු අප්‍රි­කානු හිටපු ක්‍රීඩක ගැරී කර්ස්ටන් ඉල්ලා අස්වෙයි. වසර 2ක කොන්ත්‍රාත් කාල­ය­කට ප්‍රධාන පුහු­ණු­කරු තන­තු­රට පත්වූ කර්ස්ටන් හරි­ය­ටම මාස හය­කට පසු ඊයේ ඉල්ලා අස්වූ­වේය.

පාකි­ස්තාන ක්‍රිකට් ආය­ත­නය විසින් කඩුලු රකින ක්‍රීඩක මොහො­මඩ් රිස්වාන් එක්දින සහ විස්සයි20 නාය­කයා ලෙසත්, තුන් ඉරි­යව් ක්‍රීඩක ආගා සල්මාන් එම ආකෘති සඳහා උප නාය­කයා ලෙසත් ප්‍රකා­ශ­යට පත් කිරීමත් සමඟ මෙම ඉල්ලා අස්වීම සිදු වූවේය. මෙම පත් කිරීම් සම්බ­න්ධව කර්ස්ටන් හා පාකි­ස්තාන ක්‍රිකට් පාලක මණ්ඩ­ලය අතර මත­භේද ඇතිවූ බව විදෙස් වාර්තා සඳ­හන් කළේය.

පාකි­ස්තා­නය ඔස්ට්‍රේ­ලි­යා­වේදී තරග 3කින් යුත් එක්දින සහ විස්සයි20 තර­ගා­ව­ලි­යක් ක්‍රීඩා කිරී­මට සූදා­න­මින් සිටී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT