Home » සර් ගාෆීල්ඩ් සෝබර්ස්ට පසු දාහතේ ක්‍රීඩ­ක­යෙක්

සර් ගාෆීල්ඩ් සෝබර්ස්ට පසු දාහතේ ක්‍රීඩ­ක­යෙක්

by Gayan Abeykoon
October 29, 2024 1:28 am 0 comment

ප්රින්ස් ගුණ­සේ­කර

ශ්‍රී ලංකා­වට එරෙහි තෙවැනි හා අව­සන් එක්දින තර­ග­යට ක්‍රීඩා කළ 17 හැවි­රිදි ජුවෙල් ඇන්ඩෲ ඔහුගේ මංගල ජාත්‍ය­න්තර තර­ග­යට ක්‍රීඩා කළේ සර් ගාෆීල්ඩ් සෝබ­ර්ස්ගෙන් පසු එවැනි වයසේ ක්‍රිකට් ක්‍රීඩ­ක­යෙ­කුගේ සම්ප්‍රා­ප්තිය වාර්තා පොතට එක් කර­මිණි. ගාෆීල්ඩ් සෝබ­ර්ස්ගෙන් පසුව කොදෙව් කණ්ඩා­ය­මට ක්‍රීඩා කරන පළමු 17 හැවි­රිදි ක්‍රීඩ­කයා බවට කඩුලු රකින පිති­කරු ජුවෙල් ඇන්ඩෲ පත්වූ අතර, වයස අවු­රුදු 17 හෝ ඊට අඩු ක්‍රීඩ­ක­යෙක් බට­හිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩා­යම නියෝ­ජ­නය කරන්නේ වසර 70ක කාල­යක් ඇතු­ළත ප්‍රථම වතා­වට වීම මෙහි ඇති විශේ­ෂ­ත්වය වේ.

ක්‍රිකට් පුරා­වෘ­ත්ත­යක් වන සර් ගාෆීල්ඩ් සෝබර්ස් ප්‍රථම වතා­වට කොදෙව් කණ්ඩා­යම නියෝ­ජ­නය කළේ 1954 වසරේ මාර්තු 30 වැනිදා එංග­ල­න්ත­යට එරෙ­හිව කිංස්ටන් හි දීය. එවිට ඔහුගේ වයස අවු­රුදු 17යි දවස් 245ක්වූ අතර, ඇන්ඩෲ බට­හිර ඉන්දීය කොදෙව් පිල නියෝ­ජ­නය කරද්දී වයස වයස අවු­රුදු 17යි දවස් 324ක් වුවේය.

වය­සින් අඩුම ක්‍රීඩ­කයා සෝබර්ස් නොව අවු­රුදු 17යි දවස් 122 වය­සේදී එංග­ල­න්තය ට එරෙ­හිව බ්‍රිජ්ට­වුන් හි දී 1930 වසරේ ජන­වාරි 11 වැනිදා ක්‍රීඩා කළ ඩෙරික් සීලි වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT