මදුරාවල ප්රාදේශීය සංස්කෘතික බලමණ්ඩල නිලවරණය සහ මහ සභා රැස්වීම අද (29) පස්වරු 2.00ට මදුරාවල ප්රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්රවණාගාරයේදී පැවැත්වේ. මදුරාවල ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික අංශය මඟින් සිදු කරනු ලබන මෙම වැඩසටහන, මදුරාවල ප්රාදේශීය ලේකම් සිතාරා උදයංගනී මහත්මියගේ මූලිකත්වයෙන් පැවැත්වේ.
මෙහිදී බල ප්රදේශයේ කලාකරුවන් සම්බන්ධ තොරතුරු ලබා ගැනීම, කලාකරුවන්ගේ වෘත්තීය සම්බන්ධයෙන් වර්තමානයේ ඇති වී තිබෙන ගැටලු සාකච්ඡා කිරීම, ඉදිරියේදී සිදු කිරීමට බලාපොරොත්තු වන කලා වැඩසටහන් පිළිබඳ හඳුන්වාදීම ආදී කටයුතු රැසක් සිදු කිරීමට නියමිතව ඇති අතර, ප්රදේශයේ සියලු කලාකරුවන්ට මේ සඳහා ආරාධනා කර ඇත.