Home » මදු­රා­වල ප්‍රාදේ­ශීය සංස්කෘ­තික බල­ම­ණ්ඩ­ලයේ නිල­ව­ර­ණය අද

මදු­රා­වල ප්‍රාදේ­ශීය සංස්කෘ­තික බල­ම­ණ්ඩ­ලයේ නිල­ව­ර­ණය අද

by Gayan Abeykoon
October 29, 2024 1:00 am 0 comment

අඟු­රු­වා­තොට සමූහ - මංගල ප්රසන්න

මදු­රා­වල ප්‍රාදේ­ශීය සංස්කෘ­තික බල­ම­ණ්ඩල නිල­ව­ර­ණය සහ මහ සභා රැස්වීම අද (29) පස්වරු 2.00ට මදු­රා­වල ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ල­යීය ශ්‍රව­ණා­ගා­ර­යේදී පැවැත්වේ. මදු­රා­වල ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ලයේ සංස්කෘ­තික අංශය මඟින් සිදු කරනු ලබන මෙම වැඩ­ස­ට­හන, මදු­රා­වල ප්‍රාදේ­ශීය ලේකම් සිතාරා උද­යං­ගනී මහ­ත්මි­යගේ මූලි­ක­ත්ව­යෙන් පැවැත්වේ.

මෙහිදී බල ප්‍රදේ­ශයේ කලා­ක­රු­වන් සම්බන්ධ තොර­තුරු ලබා ගැනීම, කලා­ක­රු­වන්ගේ වෘත්තීය සම්බ­න්ධ­යෙන් වර්ත­මා­නයේ ඇති වී තිබෙන ගැටලු සාකච්ඡා කිරීම, ඉදි­රි­යේදී සිදු කිරී­මට බලා­පො­රොත්තු වන කලා වැඩ­ස­ට­හන් පිළි­බඳ හඳු­න්වා­දීම ආදී කට­යුතු රැසක් සිදු කිරී­මට නිය­මි­තව ඇති අතර, ප්‍රදේ­ශයේ සියලු කලා­ක­රු­වන්ට මේ සඳහා ආරා­ධනා කර ඇත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT