43
මව්පිය සෙනෙහස අහිමිව සහෝදරියන්ගේ රැකවරණය ලබමින් සිටි 15 හැවිරිදි පාසල් සිසුවියක පෙරේදා (27) සියදිවි හානිකර ගැනීමේ පුවතක් වාර්තා වේ. මීගහතැන්න, හොල්ලවත්ත, දියපත්තුගම, පොල්ගම්පල ප්‍රදේශයේ පදිංචි, ප්‍රදේශයේ පාසලක 10 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ වයස අවු.15ක් වන උමංගි සමරසිංහ දැරිය මෙසේ මිය ගොස් තිබේ. දැරියගේ මව විදේශගතව ඇති අතර පියා වෙන්ව ජීවත් වේ. මිය ගිය දැරිය හා ඇගේ වැඩිමල් සහෝදරියන් දෙදෙනකු පමණක් නිවෙසේ සිට ඇත. ගෙල වැලලා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර මීගහතැන්න පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.