Tuesday, April 22, 2025
Home » රත්ම­ලාන සොයි­සා­පුර මහල් නිවා­ස­යක නරක් වූ මළ සිරු­රක්

රත්ම­ලාන සොයි­සා­පුර මහල් නිවා­ස­යක නරක් වූ මළ සිරු­රක්

by Gayan Abeykoon
October 29, 2024 1:00 am 0 comment

දෙහි­වල -ඩී.පී. හේරත්

රත්ම­ලාන සොයි­සා­පුර මහල් නිවාස සංකී­ර්ණ­යක හත­ර­වන මහලේ අධික ලෙස නරක්වූ පිරිමි මළ සිරු­රක් ඊයේ (28) හමුවූ බව ගල්කිස්ස පොලි­සිය කියයි. මෙම මර­ණ­කරු තනිව ජීවත්වූ පුද්ග­ල­යකු වන අතර මීට දින 10කට පමණ පෙර මිය­ගොස් තිබූ බවට අනු­මාන කළ හැකි මර­ණ­යක් බවත් පොලි­සිය සඳ­හන් කරයි.

මළ සිරුර තිබූ නිවෙ­සෙන් අධික දුර්ග­න්ධ­යක් හමා එන බවට අස­ල්වැ­සි­යන් කළ දැනුම් දීම මත කළ පරී­ක්ෂා­වේදී එම නිවෙසේ ඇඳක තිබූ නරක්වූ සිරුර සොයා ගත් බව පොලී­සිය කියයි. මර­ණ­කරු කවු­රුන්ද යන්න මෙතෙක් හඳු­නා­ගෙන නැති අතර, මෘත­ශ­රී­රය දකුණ කොළඹ ශික්ෂණ රෝහ­ලට යැවී­මට පිය­වර ගෙන ඇතැ­යිද පොලි­සිය සඳ­හන් කරයි.

ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලි­ස්‌ ­අ­ධි­කාරී ප්‍රශන්න බ්‍රහ්ම­ණගේ මහ­තාගේ අධී­ක්ෂ­ණ­යෙන් ගල්කිස්ස මූල­ස්ථාන ප්‍රධාන පොලිස් පරී­ක්ෂක දිලීප සී. පෙරේරා මහ­තාගේ උප­දෙස් මත විවිධ පැමි­ණිලි අංශයේ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක සුගත්, පොලිස් කොස්තා­පල් (21803) සංජීව යන නිල­ධා­රීහු පරී­ක්ෂණ පව­ත්වති.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT