29
2023 වර්ෂය සඳහා වෙළෙඳ බලපත්‍ර සහ කර්මාන්ත බදු නොගෙවීමේ චෝදනාව මත ආයතන හතරකට එරෙහිව ගම්පහ ප්‍රාදේශීය සභාව පවරා තිබූ නඩුවකදී චෝදනා ලැබ සිටින ආයතන දෙකක්, එකී බදු මුදල් ගෙවීමට අධිකරණයේදී එකඟ වූ අතර අනිකුත් ආයතන දෙකට එරෙහිව නඩු විභාගය 2025 වසරේ මාර්තු මස 14 වැනි දිනට කල් තැබීමට ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් සහනා පාතිමා හග්නා මහත්මිය ඉකුත් දින පියවර ගත්තාය. ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඉන්ධනහල් දෙකකට ආහාරපාන සපයන භෝජනාගාර දෙකකට එරෙහිව මෙසේ නඩු පවරා තිබිණි. ගම්පහ ප්‍රාදේශීය සභාවේ ආදායම් පරීක්ෂකවරුන් වන ශර්මා මනෝරි හා කෞශල්‍ය ජයසුමන යන නිලධාරීහු පැමිණිලි ඉදිරිපත් කළහ.