සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන විදේශගතව සිටින පූකුඩු කන්නාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන කාන්තාවක් සමඟ පුද්ගලයන් තිදෙනකු මත්ද්‍රව්‍ය ද සමඟ පසුගියදා (25) විශේෂ කාර්ය බළකාය මඟින් අත්අඩංගුවට ගැනිණ.
විශේෂ කාර්ය බළකාය, ගෝනහේන කඳවුරේ නිලධාරින් වෙත ලද තොරතුරකට අනුව පෑලියගොඩ, කැලණිය බුලුගහහන්දිය යන ප්‍රදේශවල සිදු කළ වැටලීම්වලදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 800ක්, මත්පෙති 20ක්, ජංගම දුරකතන 6ක්, විද්‍යුත් තරාදි 3ක් හා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් 331,900ක් පොලිස් භාරයට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරුවන් පැලියගොඩ පොලිසිය වෙත භාර දී තිබේ.