Wednesday, April 23, 2025
Home » 71 හැවි­රිදි කාන්තා­ව­කගේ අත් පා බැඳ රන් මාලය කොල්ල­කාලා

71 හැවි­රිදි කාන්තා­ව­කගේ අත් පා බැඳ රන් මාලය කොල්ල­කාලා

by Gayan Abeykoon
October 29, 2024 1:00 am 0 comment

කළු­තර මධ්යම සමූහ සුනිල් ස්ටැන්ලි

වයස අවු­රුදු 71 ක් වූ කාන්තා­ව­කගේ අත් පා බැඳ ඇඳේ ගැට ගසා ගෙල බැඳි රුපි­යල් 2,55,000ක් වටිනා පෙන්ඩ­නය සහිත රන් මාලය කොල්ල කෑමේ සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් මීග­හ­තැන්න පොලි­සිය පරී­ක්ෂණ පව­ත්වයි. පහළ හෙවෙස්ස, රනේ­පු­ර­ගොඩ පදිංචි 71 හැවි­රිදි මිය­න­කො­ල­තැන්න හේවගේ රූප­වතී යන අය විසින් පොලි­සි­යට කරන ලද පැමි­ණි­ල්ලට අනුව මෙම පරී­ක්ෂණ ආරම්භ කොට තිබේ.

තමා දැනට කොළඹ පදිං­චිව සිටින හේමන්ත යන අයට අයත් පැල­වත්ත ගොර­ක­දූව පිහිටි නි‍ෙවසේ සිටින ඔහුගේ මව බලා ගන්නා බවත්, ඔහු­ගේම ඉඩ­ම්වල වැඩ කරන දෙදෙ­නෙකු පැමිණ රාත්‍රියේ නවා­තැන් ගත් බවත් පෙරේදා (27) අලු­යම 5.00ට පමණ ඔවුන් කුරුඳු කපන කැත්තක් පෙන්වා බිය ගන්වා තම අත් පා බැඳ ඇඳේ ගැට ගසා පෙන්ඩ­නය සහිත රන් මාලය ගල­වා­ගෙන ගිය බව ඇය පොලි­සි­යට කර තිබූ පැමි­ණිල්ලේ සඳ­හන්වේ.

මීග­හ­තැන්න පොලි­සිය මේ පිළි­බ­ඳව වැඩි­දුර පරී­ක්ෂණ පව­ත්වයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT