මන්නාරමේ නානාට්ටන්, නරුවිලිකුලම් ප්‍රදේශයේ නිෙවසකට ශාස්ත්‍ර කීමට පැමිණි කාන්තාවක් හා කුඩා ළමයෙකු, නිෙවසේ සිටි දෙදෙනෙකුට කිසියම් මත්ද්‍රව්‍යයක් පානය කිරීමට දී ඔවුන් සිහිසුන් වූ පසුව රුපියල් ලක්ෂ විසිතුනක් වටිනා ස්වර්ණාහරණ, මුදල් හා තවත් භාණ්ඩ රැසක් පැහැරගෙන පෙරේදා (27) පලා ගොස් තිබේ.
ශාස්ත්‍ර කීමට පැමිණි කාන්තාව ප්‍රකාශ කොට ඇත්තේ නිෙවසේ ස්වාමිපුරුෂයාට හා බිරියට දැඩි අපල කාලයක් ඇති නිසා මතුරා පානය කොට දීමට පිරිසුදු වතුර වීදුරුවක් රැගෙන එන ලෙසයි.
කාන්තාව ශාස්ත්රකාරියට වතුර වීදුරුවක් ගෙනැවිත් දුන් පසුව එය මතුරා නිෙවසේ සිටි කාන්තාවට හා ස්වාමියාට එම වතුර පානය කිරීමට ලබා දී තිබේ.
සවස් කාලයේදී ආපසු ඔවුන්ට පියවි සිහිය ලැබී නිෙවස පරික්ෂා කර බලන විට නිෙවසේ තිබූ රුපියල් ලක්ෂ විසිතුනක ස්වර්ණාභරණ, රුපියල් 16,000ක මුදලක් ජංගම දුරකතන තුනක් ඇතුළු භාණ්ඩ රැසක් අතුරුදන් වී ඇති බව දැක ගන්නට ලැබී තිබේ.
අවට නිවෙස්වල උදවියගෙන් උදව් ඉල්ලා ගෙන අඹු සැමි යුවළ ප්‍රථමයෙන්ම වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබාගෙන පසුව මේ පිළිබඳව මුරුන්කන් පොලිසියට පැමිණිලි කොට ඇත.
පොලිසිය ඔවුන්ගේ පැමිණිල්ලට අනුව පරීක්ෂණ ආරම්භ කොට ඇති අතර එහිදී නානාට්ටන් ප්‍රදේශයේ නිවෙසක සවිකොට තිබූ සී.සී.ටී.වී. කැමරාවක කාන්තාවක් හා කුඩා පිරිමි දරුවකු පාරේ ගමන් කරන ආකාරය සටහන් වී තිබී ඇත. පොලිසිය ඒ ඔස්සේ සැකකටයුතු කාන්තාව අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති අතර ඒ සඳහා මහජනතාවගේ ද සහය පතා ඇත.