Home » ශාස්ත්‍ර කීමට ආ කත නිවැ­සි­යන්ට වතුර මතුරා බීමට දී නිවෙස කොල්ල­කාලා

ශාස්ත්‍ර කීමට ආ කත නිවැ­සි­යන්ට වතුර මතුරා බීමට දී නිවෙස කොල්ල­කාලා

by Gayan Abeykoon
October 29, 2024 1:04 am 0 comment

උතුරු පළාත් විශේෂ - රසුල් දිල්හාර ගමගේ

මන්නා­රමේ නානා­ට්ටන්, නරු­වි­ලි­කු­ලම් ප්‍රදේ­ශයේ නි‍ෙව­ස­කට ශාස්ත්‍ර කීමට පැමිණි කාන්තා­වක් හා කුඩා ළම­යෙකු, නි‍ෙවසේ සිටි දෙදෙ­නෙ­කුට කිසි­යම් මත්ද්‍ර­ව්‍ය­යක් පානය කිරී­මට දී ඔවුන් සිහි­සුන් වූ පසුව රුපි­යල් ලක්ෂ විසි­තු­නක් වටිනා ස්වර්ණා­හ­රණ, මුදල් හා තවත් භාණ්ඩ රැසක් පැහැ­ර­ගෙන පෙරේදා (27) පලා ගොස් තිබේ.

ශාස්ත්‍ර කීමට පැමිණි කාන්තාව ප්‍රකාශ කොට ඇත්තේ නි‍ෙවසේ ස්වාමි­පු­රු­ෂ­යාට හා බිරි­යට දැඩි අපල කාල­යක් ඇති නිසා මතුරා පානය කොට දීමට පිරි­සුදු වතුර වීදු­රු­වක් රැගෙන එන ලෙසයි.

කාන්තාව ශාස්ත්‍ර­කා­රි­යට වතුර වීදු­රු­වක් ගෙනැ­විත් දුන් පසුව එය මතුරා නි‍ෙවසේ සිටි කාන්තා­වට හා ස්වාමි­යාට එම වතුර පානය කිරී­මට ලබා දී තිබේ.

සවස් කාල­යේදී ආපසු ඔවුන්ට පියවි සිහිය ලැබී නි‍ෙවස පරික්ෂා කර බලන විට නි‍ෙවසේ තිබූ රුපි­යල් ලක්ෂ විසි­තු­නක ස්වර්ණා­භ­රණ, රුපි­යල් 16,000ක මුද­ලක් ජංගම දුර­ක­තන තුනක් ඇතුළු භාණ්ඩ රැසක් අතු­රු­දන් වී ඇති බව දැක ගන්නට ලැබී තිබේ.

අවට නිවෙ­ස්වල උද­වි­ය­ගෙන් උදව් ඉල්ලා ගෙන අඹු සැමි යුවළ ප්‍රථ­ම­යෙන්ම වෛද්‍ය­ව­ර­ය­කු­ගෙන් ප්‍රති­කාර ලබා­ගෙන පසුව මේ පිළි­බ­ඳව මුරු­න්කන් පොලි­සි­යට පැමි­ණිලි කොට ඇත.

පොලි­සිය ඔවුන්ගේ පැමි­ණි­ල්ලට අනුව පරී­ක්ෂණ ආරම්භ කොට ඇති අතර එහිදී නානා­ට්ටන් ප්‍රදේ­ශයේ නිවෙ­සක සවි­කොට තිබූ සී.සී.ටී.වී. කැම­රා­වක කාන්තා­වක් හා කුඩා පිරිමි දරු­වකු පාරේ ගමන් කරන ආකා­රය සට­හන් වී තිබී ඇත.  පොලි­සිය ඒ ඔස්සේ සැක­ක­ට­යුතු කාන්තාව අත්අ­ඩං­ගු­වට ගැනී­මට පරී­ක්ෂණ ආරම්භ කර ඇති අතර ඒ සඳහා මහ­ජ­න­තා­වගේ ද සහය පතා ඇත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT